කොරෝනා ආසාදිත සෙබලෙකු හොරණින් හමුවෙයි ; 26 ක් නිරෝධායනයට ; කඩ 4 කට සීල්

කොවිඩ් 19 ආසාදිත හමුදා සෙබළකු හොරණ ප්‍රදේශයෙන් හමුවී ඇති අතර එම ප්‍රදේශයේ වෙළෙඳසල් හතරකට සීල් තබා ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

හමුදා සෙබලාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 26 දෙනකු නිරෝධායනයට යොමු කළ බවද වාර්තා වෙයි.

මෙම හමුදා සෙබලා කටුනායක ගුවන් තොටුපලේ සේවයට යොදවා සිටි අයෙකු බව කියති.

කෙසේ වෙතත් හමුදා සෙබලා නිරෝධායන නීති අනුගමනය කොට තිබීම නිසා තවත් කොවිඩ් පොකුරක් බිහිවීමේ අවධානම අවම වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *