සහල් ඒකාධිකාරියට දණ්ඩ නමස්කාර කළ රජය ෆේල් ! අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා – හිටපු කෘෂිකර්ම අමාත්‍ය විදුර වික්‍රමනායක

සහල් ඒකාධිකාරිය ඉදිරියේ දණ්ඩ නමස්කාර කිරීමට රජයට සිදුවීම තුළ රජය අසමත් බව අකමැත්තෙන් වුවත් තමන්ටම කීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක, හිටපු කෘෂිකර්ම අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

“රජය මිල නියම කළත් මෝල් හිමියා තමයි තීරණය කරන්නෙ කීයටද ගන්නෙ කියලා ගොවියාගෙන්. ඊළඟට කුඩා මෝල් හිමියන් – අපි මේ කතා කරන්නෙ ලොකු මෝල් හිමියො ගැනනෙ – ඇයි මේ කුඩා මෝල් හිමියන් ගැන කතා කරන්නෙ නැත්තෙ ? ඇයි ඒ මෝල් වැහුණෙ කියන එක ගැන කතා කරන්නෙ නැත්තෙ ? ඒවා ගැන හිතන්නෙ නැත්තෙ ? 

ඒ සඳහා වැඩපිළිවෙලක් හදන්න. එහෙම වැඩපිළිවෙලක් හැදුවොත්, යතාර්ථවාදී ප්‍රායෝගික වැඩපිළිවෙලක් හැදුවොත් පමණයි මේ සහල් ඒකාධිකාරියක් ගොඩනැගෙන්නෙ නැත්තෙ. අද ඒකාධිකාරිය ගොඩනැගිලා තියෙනවා. ඒක කොයිතරම් ඒකාධිකාරියක්ද කිව්වොත් රජයට පවා දණ්ඩ නමස්කාර කරන්න වෙනවා ඒකාධිකාරිය ඉස්සරහා. ඒකයි වුණේ. මේවාට ඉඩ දෙන්න බෑ ! 

රජය ෆේල්. රජය ෆේල් කියන්නෙ දැනට මාස එකහමාරකට දෙක්කට කලින් එක මිලක් තිබුණා, ඊට පස්සෙ තව මිලක් දැම්මා, දැන් තව මිලක් දානවා. රජය ෆේල්. ෆේල් කියලා අපටම කියන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් වුණත්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

විදුර වික්‍රමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (29) හොරණදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

LANKANEWSWEB



Leave a Reply

Your email address will not be published. Required fields are marked *