සෞඛ්‍ය බලධාරීන්ගෙන් මැතිවරණයට ප්‍රධාන කොන්දේසි හතරක්

මහ මැතිවරණය කෙදිනක පැවැත් වුව ද සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති ප්‍රධාන කොන්දේසි හතරක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

හැමවිට ම දෙදෙනකු අතර  මීටරයක දුරස්ථ භාවය පවත්වා ගැනීම , සියලු දෙනා මුඛ ආවරණ පැළඳ සිටීම , සැම විට ම අත් පිරිසිදුව තබාගැනීම , සහ භාණ්ඩ හෝ ලිපි ලේඛන අතින් අත ගනුදෙනු නොකිරීම එම ප්‍රධාන කොන්දේසි හතර බව ඒ මහතා කියයි.

සෞඛ්‍ය බල ධාරීන්ගේ අවසන් නිර්දේශ මාලාව ලබන බදාදා ( 3 දා ) ට පෙර ලැබෙනු ඇතැයි ද එය එදිනට නියමිත මැතිවරණ කොමිසමේ රැස්වීමේ දී සාකච්ඡාවට ගැනීමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ප්‍රකාශ කොට ඇත.

මැතිවරණ දිනය සම්බන්ධයෙන් අධිකරණයේ සිදුවන පෙත්සම් විභාගය අවසන් වන තෙක් මැතිවරණ දිනය පිලිබඳ තීරණයක් ගැනීමට බලාපොරොත්තු නොවන බව ද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *