සජිත් පිල ගැන තීරණ ගන්න එජාප කෘත්‍යාධිකාරිය හෙට රැස්වෙයි

පක්ෂයේ විනය කඩ කරමින් වෙනත් පක්ෂයකින් නාම යෝජනා භාර දී සිටින පිරිස පිළිබඳව තීරණ ගැනීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට (29 දා ) රැස්වන බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

මෙම රැස්වීමට පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති පිරිසට ද ආරාධනය කොට ඇති බව ඒ මහතා කියයි.

පක්ෂය හැර ගිය අය අතරින් පිරිසක් යලි පක්ෂයට එක්වීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව කියන කාරියවසම් මහතා එලෙස අවංකව ආපසු එන අයට ඒ සඳහා ඉඩ ඇති බව ද පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *