ආරුමුගම් වෙනුවට ජීවන් තොන්ඩමන්

අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතාගෙන් හිස් වූ ලංකා කම්කරු කොන්ග්‍රස් නායකත්වයට ඔහුගේ පුත් ජීවන් තොන්ඩමන් මහතා පත්කර ගැනීමට එම පක්ෂය තීරණය කොට ඇත.

එමෙන් ම ආරුමුගම් තොන්ඩමන් මහතාගෙන් හිස් වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් අපේක්ෂකත්වය ද ජීවන් තොන්ඩමන් මහතාට ලබාදීමට තීරණය කොට තිබේ .

විසි හයවැනි වියේ පසුවන ජීවන් තොන්ඩමන් මහතා මේ වනවිට ලංකා කම්කරු කොන්ග්‍රස් තරුණ පෙරමුණේ නායකයා ලෙස ක්‍රියා කරයි.

ලංකා කම්කරු කොන්ග්‍රස් දේශපාලන මණ්ඩලය ඊයේ රැස් වී මෙම තීරණ ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *