සජිත් ප්‍රේමදාස ඇතුළු 102ක් එජාපයෙන් නෙරපයි

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් දේශපාලන පක්ෂයකින් මහමැතිවරණයට නාමයෝජනා පත්‍ර අත්සන් තැබූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයන් 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජන බලවේගය නම් වෙනත් පක්ෂයක්   යටතේ මෙවර මහමැතිවරණයට නාමයෝජනා අත්සන් තැබූ සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකගේ එජාප සාමාජිකත්වය මෙසේ අත්හිටුවා තිබේ. පක්ෂ ව්‍යවස්ථාවේ 3 (එච්) වගන්තිය යටතේ මෙම පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මහ මැතිවරණයට වෙනත් පක්ෂයක් යටතේ නාම යෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගෙන් නිදහසට කරුණු විමසා මේ වන විටත් ලිපි යොමු කර ඇති බවත් පක්ෂ මහ ලේකම්වරයා පැවසීය.

එජාප සාමාජිකත්වය අත්හිටවීමට නියමිත පිරිස් අතර පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් වෙති.

සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල,රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල,ගයන්ත කරුණාතිලක,හරීන් ප්‍රනාන්දු,ඉරාන් වික්‍රමරත්න, මංගල සමරවීර, අර්ජුන සුජීව සේනසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්.එම්. මරික්කාර්, එම්. මුජිබර් රහුමාන්, අජිත් මාන්නම්පෙරුම, හර්ෂන රාජකරුණා ,කාවින්ද ජයවර්ධන ,එඩ්වඩ් ගුණසේකර ,රංජන් රාමනායක ,ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා ,ලකී ජයවර්ධන,රංජිත් අලුවිහාරේ ,වසන්ත අලුවිහාරේ ,රෝහිණී විජේරත්න ,අශෝක ප්‍රියන්ත,විජයපාල හෙට්ටිආරච්චි,හෙක්ටර් අප්පුහාමි, සිසිර කුමාර, නිරෝෂන් ප්‍රියන්ත පෙරේරා, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, චන්දිම ගමගේ,රවීන්ද්‍ර සමරවීර ,බන්දුල ලාල් බණ්ඩාරිගොඩ,බුද්ධික පතිරණ, දිලීප් වෙදආරච්චි,සිඩ්නි ජයරත්න,ඉදුනිල් තුෂාර අමරසේන ජේ.සී. අලවතුවල, නලීන් බණ්ඩාර ජයමහා, අශෝක් රංජන් අබේසිංහ,ජේ. එම්. ආනන්ද කුමාරසිරි,තුසිතා විජේමාන්න, සුජිත් සංජය,කබීර් හෂීම් ,ලක්ෂ්මන් දිසානායක, ඒ. ඒ. විජේතුංග, මයන්ත දිසානායක, ඒ. ඒ. හේෂාන් විතානගේ, ඉම්රාන් මහරුෆ්, වඩිවේල් සුරේශ් නයාල් හසිත විජේසිංහ ,යූ. ජෝශප් පෙරේරා, චන්ද්‍රසෝම සරණලාල්, රෝසි ප්‍රනාන්දු, නිරෝෂන් පාදුක්ක,එම්. ජයන්ත සිල්වා,ඉෆ්තිකාර් ජමීල් මරික්කාර්,ජගත් ප්‍රේමලාල්, පී.ඩී. අබේරත්න,ආර්.පී. සමරනායක, පී.එම්. සමන්ත අරුණකුමාර,එච්.එච්. සම්පත් සංජීව, පද්මලාල් ද අල්විස්,ඒ.එච්.එම්. හලීල්,කපිල නන්දන නාකාන්දල, හිරන්‍යා හේරත් රණවීර, ජයලත් බණ්ඩාර,එම්.එම්. හුසේන් කියාස්, ජයන්ත ජයවීර,ඩෙනට් පනියන්දූවගේ, අජිත් රෝහණ, බන්දුල ප්‍රියන්ත බණ්ඩාරනායක, ලයනල් චන්ද්‍රවංශ ජෙයානන්දු සිං, කෝකිලනාත් සිං, පී. සහිදු රෝහණ බණ්ඩාර විජේසුන්දර ආර්.ඩබ්ලිව්. ධර්මදාස, සුරංග රත්නායක, අනිල් රත්නායක, එස්.එච්.එම්. අංසාර්, එම්.එම්. ඩොනල්ඩ්, ආර්.එම්.රත්නායක, චමින්ද ජයසේකර, එස්. තෙන්නකෝන් නිලමේ, ටී.වී.කේ. ගාමිණී, එස්.ඒ. සුජීවා,වී. පිරභාකරන්, වී.ඒ. කරුණාදාස, අරුණ සිරිසේන, චන්ද්‍රදාස ගලප්පත්ති, ප්‍රීති මොහාන් පෙරේරා, එම්.එම්. උපාලි සේනාරත්න, ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන, හරින්ද්‍ර ධර්මදාස, හර්වින් සම්පත් ජයසූරිය, සුරේෂ් සංජීව, සරත් චන්ද්‍ර රාමනායක, ලෙනාඩ් කරුණාරත්න ඇතුළු පිරිසගේ මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නියමිත ය.

ස්වර්ණා විජේකෝන්

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *