රජයේ සාක්‍ෂිකරවෙකු වෙන්න කොටි නායක එමිල් කාන්තන් උසාවි එයි !

ප‍්‍රබල කොටි නායකයකු බව කියන එමිල් කාන්තන් උසාවියට භාරවී රජයේ සාක්‍ෂිකරුවකු ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා හා එල්.ටී.ටී.ඊ ය අතර ඇතිකරගත් ගිවිසුම් සහ මුදල් ගනුදෙනු ගැන කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව තතුදත් ආරංචි මාර්ග හෙළිදරව් කරයි. ඔහුට පනවා තිබූ රතු වරනේතුව ඉවත් කිරීමට අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලද්දේ රජයේ සාක්‍ෂි කරුවකු වීමට කැමැත්ත පළ කොට උසාවියට ඉදිරිපත් වීමට සූදානම් නිසා බවද වාර්තාවෙයි. එමිල් කාන්තන්ගේ නීතිඥයන් අධිකරණයට දැන්වූයේ උසාවියට බාර වීමට තම සේවාදායකයා කැමැත්තෙන් සිටින බව හා රතු නිවේදනය එයට බාධාවක් වී ඇති බවයි.
NamalWithEmilKanthan2005 මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා හා එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් අතර රහස් ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා මැදිහත් කරුවා ලෙස ක‍්‍රියා කළ එමිල් කාන්තන් එල්.ටී.ටී.ඊ. ය සමග කළ සියලූ මුදල් ගනුදෙනුවලට සම්බන්ධ වූ බවද වාර්ථා වී ඇත.

වව්නියාව ප‍්‍රදේශයේ උපත ලබා ඇති එමිල් කාන්තන් තරුණ විය ගත කර ඇත්තේ කොළඹ ය. එකල ඔහු ‘අතේ සතේ නැති, එල්ලෙන්න වැල් නැති’ පුද්ගලයෙකු ලෙස ජීවිතය ගත කර ඇත. පසුව පුද්ගලික දුරකථන සේවා ආයතනයක  උතුරු පළාතේ නියෝජිතයා වශයෙන් කටයුතු කර ඇත. පසුව එම සමාගමේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් ගෙන ඇත්තේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු  වන ටිරාන් අලස් සමගය. එමගින් විශාල ධනයක් උපයාගත් එමිල් කාන්තන් කොටි කල්ලිය සමග සමීප සම්බන්ධතා ගොඩනගාගෙන ඇතිබව කියැවේ. එක් පැත්තකින් කොටි කල්ලිය සමගත්, අනෙක් පැත්තෙන් එවක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රාජපක්‍ෂ පවුලේ අය සමගත් සමීප සම්බන්ධතා ගොඩනගා ගෙන ඇත. ඔහුට  ඕනෑම පුද්ගලයෙකුට සමීප වීමටත්, මිතුරු සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් සහජ හැකියාවක් ඇති බව පැවසේ.

2005 ජනාධිපති මැතිවරණයේ දී ප‍්‍රභාකරන් සහ මහින්ද රාජපක්‍ෂ අතර සම්බන්ධිකරණ කටයුතු කර ඇත්තේ ද, ඒ සම්බන්ධ මුදල් ගණුදෙනු මිලියන ගණනින් සිදු වී ඇතතේ ද එමිල් කාන්තන් හරහා බව පැවසේ.

වරක් ප‍්‍රබල දේශපාලඥයකු විසින් ඩුබායි බැංකුවක තමා ගිණුමේ තැන්පත් කිරීමට දුන් රුපියල් කෝටි ගණනක මුදලක් ඔහු විසින් අදාල ගිණුමේ තැන්පත් නොකර සිය පුද්ගලික පරිහරණයට ගෙන ඇත. එහෙත් ඒ පිළිබඳව එමිල් කාන්තගෙන් ප‍්‍රශ්න කර නැත්තේ එම රහස් ගණුදෙනුව හෙළිවෙයි යන බියෙන් බව පැවසේ. ඔහු එම මුදලින් ඩුබාහි නිවසක් මිල දී ගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇත. ලංකාවෙන් ඩුබායි යන බොහෝ දේශපාලඥයන් නවාතැන් ගන්නේ ද එම නිවසේ බව පැවසේ.

මහින්ද රාජපක්‍ෂ විසින් ජනාධිපතිවරණයේ දී රනිල් වික‍්‍රමසිංහ පරාජය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ.ට මුදල් ලබාදීමේ ගණුදෙනුව ද සම්බන්ධීකරණය ඇත්තේ එමිල් කාන්තන් විසින් බව පැවසේ. එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබාදීමට එමිල් කාන්තන් ගොස් ඇත්තේ ටිරාන් අලස්, ශ‍්‍රීපති සූරියආරච්චි, සහ බැසිල්් රාජපක්‍ෂ යන තිදෙනා සමගය. කිලිනොච්චියේ සාම ලේකම් කාර්යාලයේ දී මෙම ගනුදෙනුව සිදු වී ඇති බව කියති. එම ගනුදෙනුව නිම වී කොළඹ ආ ඔවුන් අරලියගහ මන්දිරයට ගිය විට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් ඔවුන් බදාගෙන සිප වැළඳගෙන සුබ පැතූ බව පැවසේ.

පසු කලෙක ශ‍්‍රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් අභිරහස් ලෙස මියගිය අතර, එමිල් කාන්තන් ලංකාවේ නොසිට ඩුබායි බලා ගියේය. ඊට පසු වකවාණුවක රාජපක්‍ෂ රජය විසින් එමිල් කාන්තන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වුවත්, එය ආරංචි වූ එමිල් කාන්තන් පවසා ඇත්තේ මා අත්අඩංගුවට ගන්නවා නම් ඊට පෙර, රාජපක්‍ෂගේ උවමනාව අනුව එදා තමන් විසින් සිදු කළ ගනුදෙනුව සිදු වූ ආකාරය විඩියෝ කර ඇති බවත්, එය අන්තර් ජාලයට මුදාහරින බවත්ය. එහෙයින් ඔහුව අත් අඩංගුවට ගැනීමේ අදහස අත්හැර ඇත.
එදා එල්.ටී.ටී.ඊ.ය විසින් ඡුන්දය දීම වැළැක් වීම සිදු නොකළා නම් රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබූ බව දේශ පාලන ආරංචි මාර්ග පවසති. රනිල් වික‍්‍රමසිංහ පරාජයට පත් වූයේ ඡුන්ද දෙලක්‍ෂයකටත් අඩු ගණනකිනි. ඔහුගේ ඡුන්ද ප‍්‍රමාණය උතුරු නැගෙනහිර ඡුන්ද වලින් තව ලක්‍ෂයකින් වැඩි වූවානම් එම ජනාධිපති වරණයෙන් ජයග‍්‍රහණය කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාය.

දැන් කළ කම් පලදෙමින් වාසනා චක‍්‍රය ආපසු කැරකෙමින් තිබේ. එමිල් කාන්ත රජයේ සාක්‍ෂි කරුවෙකු වී සියල්ල හෙළි දරව්කිරීමට ලංකාවට පැමිණීමට නියමිතය. හෙට දිනයේ ඇත්ත යුක්ත හෙළිවනු ඇත.

මනෝජ් රූපසිංහ.

ඡුායාරූපය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් නාමල් රාජපක්‍ෂ කොටි හිතවාදියකු වූ එමිල් කාන්තන් සමග පසුගිය යුධ සමයේ ගත් ඡුායාරූපයක් තවත් හිතවතුන් දෙකෙනකු දෙපස වෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *