නොරෝච්චෝල ගල් අඟුරු බලාගාර සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති; කොවිඩ් දැයි සැක; හදිසි පියවර ගනිති



නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාරියට පැමින සිටි 600 කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර් තා වෙයි.

ලක් විජය බලාගාරයේ ගිණුම් හා මානව සම්පත් ඒකකයේ සේවය කරන 9 දෙනෙකු මෙසේ උණ , උගුර අමාරුව ඇතුළු රෝග ලක්ෂ පෙන්නුම් කර ඇති බව කියයි.

අදාල රෝග ලක්ෂණ පෙන්නුම් කල 9 දෙනා පුත්තලම මුලික රෝහලේ දී විශේෂ පි.සි.ආර්.පරික්ෂණ සදහා අදාල ජෛව පටල සාම්පල ලබා ගෙන ඇති බවද ආපසු මොවුන් රැගෙන ගොස් විදුලිබල මණ්ඩල නේවාසිකාගාර තුළ ආරක්ෂීතව රදවා ඇති බව වාර්තා වෙයි.

ලක් විජය බලාගාරය රටේ විදුලි අවශ්‍යතාවයෙන් 60% ආසන්න දායකත්වක් දක්වන ප්‍රධාන විදුලි සැපයුම් කරු වෙයි .

රට තුල පැවති කොරෝනා තත්වය හමුවේ පසුගිය මාස තුනකට ආසන්න කාලයක් ලක් විජය සේවකයින් හා නිළධාරින් 30% ක දායකත්වය දක්වා තිබුනි.

නමුත් දැනට දින කිපයක සිට සුපුරුදු ලෙස සේවක පිරිස් පැවති ක්‍රමයටම සේවයට පැමිනිම ආරම්භ කර තිබුනී.

මෙම ලක්විජය සේවකයින්ගේ පි.සි.ආර් පරික්ෂණ සදහා ජෛව පටල සාම්පල ලබා ගැනිම පිළිබදව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ .

“ මෙම පිරිස එතරම් බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කර නැහැ .නමුත් මොවුන් හා අනිකුත් පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් අදාල පිසිආර් පරික්ෂණ සදහා සදහා ජෛව පටල සාම්පල ලබා ගෙන පරික්ෂණ සදහා යොමු කර තිබෙනවා .එම වාර් තා අද  (23) වන විට ලැබෙන බවයි.

මේ පිළිබදව ලක් විජය බලාගාර කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ .
“ අපේ කාර් යාල පරිශ්‍රය තුල සේවය කරන පිරිසක් උගුර අමාරුව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අප වහාම සේවයට පැමින සිටි 600 කට ආසන්න පිරිස් නිවෙස් වෙත හා ගම්බිම් වෙත යාම නවතා දැමුවා .
එය කලේ ආරක්ෂීත පියවරක් ලෙසයි .මොකද අපේ අසනිප වු පිරිසේ පරික්ෂණ වාර් ා ලැබුණු  පසු අපි එම තත්ත් වය අනුව ක්‍රියාත්මක කරමින් අදාළ  පිරිස් මුදා හරින්න කටයුතු කරනවා.

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *