පාස්කු ප්‍රහාරය : 2015 දී SIS පවරා ගැනීම මෛත්‍රීට මාරාන්තික වන ලකුණු !

2015 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් රාජ්‍ය බුද්ධි සේවය (SIS) තමන් යටතට පවරාගෙන ඇත. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි තමන් යටතේ ඇති ආරක්ෂක අංශ තාවකාලිකව හෝ වෙනත් පාර්ශ්වයකට පවරා දී නොමැති නම් එවන් අවස්ථාවක සම්පූර්ණ වගකීම සේනාධිනායකයා විසින්, එනම් ජනාධිපතිවරයා විසින් භාරගත යුතුව තිබේ. 

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වන මොහොත වනවිට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගත වී සිටි අතර ඔහු ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරයකු හෝ පත්කර තිබුණේ ද නැත. 

ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමේ වගකීම වෙනත් පාර්ශ්වයක් වෙත පැටවීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි වනු ඇති අතර එහි සම්පූර්ණ වගකීම බාරගැනීමට ඔහුට සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *