ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගත් කල්ලිය බද්ධි අංශ නිලධාරියකුත් මරලා!

ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් දැන් අත්අඩංගුවේ පසුවන කණ්ඩායම එම බුද්ධි අංශයේම සේවය කරමින් සිටි නිලධාරියකුවද මරා වළදමා ඇති බව රහස් පොලිස් පරීක්‍ෂණවලදී හෙළිදරව් වී ඇති බව වාර්තාවෙයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රංජන් පේ‍්‍රමකුමාර නමැති කොප‍්‍රල් වරයෙකි. ඔහුව මරා දමා ඇතේත් කිසිවකුගේ නියෝගයක් නිසා හෝ දේශපාලන හේතුවක් නිසා නොව පෞද්ගලික කෝන්තරයක් නිසා බවද හෙළිදරව් වී ඇත.

එමෙන්ම ජෝෂප් පරරාජසිංහම්, නඩරාජා රවිරාජ් යන මන්ත‍්‍රීවරුන් ඇතුළු තවත් මිනීමරුම් ගණනාවක්ම මෙම කණ්ඩායම විසින් සිදු කොට ඇත්තේද මොවුන්ට සම්බන්ධ පිරිසක් විසින් බවද හෙළිදරම් වී ඇති බව කියති.

මෙම කණ්ඩායම ක‍්‍රියාත්මක වී ඇත්තේ හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් ලෙස නොව මිනීමරු කල්ලියක් ලෙස බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කියයි. කප්පම් ගැනීම සඳහාද පුද්ගලයින් පැහැරගෙන ඇති මෙම කණ්ඩායම එසේ පැහැරගත් ඇතැම් අය ඝාතනය කොට මිනී විනාශ කොට ඇති බව ද කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *