අගමැති මහින්ද, හිටපු ඇමති බැසිල් නිසා මංගල සමරවීර නිදහස් !!!

අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාත් නිසා ඇප නොදී රීමාන්ඩ් භාරයට පත් කිරීමට සැලසුම් කොට තබූ උගුලකින් හිටපු ඇමති මංගල සමරවීර මහතාට නිදහස්වීමට හැකි වූ බව සමරවීර මහතාට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි.

පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතාගෙන් ප්‍රශ්න කරන ලද්දේ ඇමති රිෂාඩ් බදුයුදීන් මහතාගේ ආධාර කරුවන් පිරිසක් චන්දය දැමීම සඳහා පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීමට අනුමැතිය දුන්නේ ද යනුවෙනි . මෙහි සැලසුම වී තිබුනේ රජයේ මුදල් අයතා පරිහරණය යන චෝදනාව යටතේ මංගල සමරවීර මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම බව කියති. එම චෝදනාව යටතේ සිරගත කළ  විට ඇප ලබාගැනීම ද අසීරු ය.

පුත්තලමේ සිට මන්නාරමට ප්‍රවාහනය කළ මෙම පිරිස එල් ටී ටී ඊ ය විසින් උතුරෙන් පලවා  හරින ලද අනාතයින් පිරිසක් බවත් ඔවුන් සිය ගම් බිම් බලා ප්‍රවාහනය කිරීමට උතුරු පුනරුත්තාපන අරමුදලේ මුදල් යෙදවීමට තමන් අනුමැතිය දුන් බවත් මංගල සමරවීර මහතා සී අයි ඩී යට කට උත්තර දෙමින් ප්‍රකාශ කොට ඇත.

ඒ සමග ම මංගල සමර වීර මහතා පෙන්වා දී ඇත්තේ මීට ඉහත දී මෙලෙස ම මෙම පිරිස් ප්‍රවාහනය සඳහා හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාත් අනුමැතිය ලබා දී ඇති බවයි. එබැවින් තමන්ට එරෙහිව පියවර ගන්නේ නම් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හා හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට ද එරෙහිව පියවර ගතයුතු බව මංගල සමරවෙර මහතා පෙන්වා දුන් බව අපගේ ආරංචි මාර්ග කියයි.

අපගේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියන්නේහිටපු මුදල් ඇමති  මංගල සමරවීර මහතා  සිරගත කිරීමේ සැලසුම එතැනින් නවතා දමන්නට රජයට සිදු වී ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *