නාවික භටයන්ට කොරෝනා හැදුණු හැටි තවමත් අබිරහසක් – නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා

කොරෝනා වයිරසය නාවික භටයන්ට ආවේ කෙසේද යන්න තවමත් අබිරහසක් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ලංකාදීපයට ඊයේ (20) පැවැසීය.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිටිය යුතු අවම පිරිස පමණක් තබාගෙන අනෙකුත් භටයන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යවා මුළු කඳවුරම පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි කී නාවික හමුදාපතිවරයා කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව මෙම අලුත්ම උපක්‍රමය අනුගමනය කරන බවද ප්‍රකාශ කළේය.

නාවික කඳවුරේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්ද අභ්‍යන්තර විමර්ශනයක් කරනු ලබන බවත් කෙනකුට වරද පැටවීමට වඩා මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ කොරෝනා පැතිරීම පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා වයිරසය නාවික භටයන්ගෙන් සමාජයට පැතිරීම සම්පූර්ණයෙන්ම වළක්වා ඇතැයිද නාවික භටයන් අතරේ වයිරසය පැතිර යෑමද සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ඇතැයිද නාවික හමුදාපතිවරයා පැවැසීය.

(***සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *