රජයේ පාලන මිලට කහ දෙන්න බෑ; ගොවීහු අමාරුවේ

වෙළෙඳ පොලේ කහ හිගයක් ඇතත් රජය නියම කර ඇති කිලෝව රුපියල් 750 ක මිලට කහ ලබාදිය නොහකි  බවත් ගොවීන් ළඟ කහ ගොඩගැසී ඇති බවත්  අම්පාර දිස්ත්‍රික්කයේ කහ ගොවීහු කියති.

උහන ඵලදායිතා ගම්මාන සමුපකාර සමිතියේ සභාපති දයාරත්න බණ්ඩාර මහතා කියන්නේ කහ කිලෝවක් සඳහා රුපියල් 1600 ක වත් මිලක් අවශ්‍ය බවයි. විකුණාගත නොහැකිව කහ කිලෝ 6000 ක් පමණ ගොවීන් ළඟ ගොඩ අග්සී ඇති බව ද ඒ මහතා කියයි.

කහ පිටරටින් ගෙන්වීම නතර කළ ආණ්ඩුව කහ සඳහා රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් පසුගිය දා නියම කළේ ය.

ඒ සමඟම වෙළෙඳ  පොලේ දරුණු කහ හිගයක් හටගෙන ඇත. ඒ අතර ඇතැම් ස්ථාන වල කහ ග්‍රෑම් සියය රුපියල් 300 බැගින් (කිලෝව රුපියල් 3000 ක් ) කළුකඩ මිලට අලෙවි කරන බවට ද තොරතුරු ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *