යෝෂිතට හමුදා නීතියෙන් නඩු පවරන්නැයි නාවික හමුදාපතිට උපදෙස්

ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ මහතා නාවික හමුදා නීතියට එරෙහිව සිදුකොට ඇති වැරදි පිළිබඳව හමුදා නීතිය යටගේ ක‍්‍රියකරන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය නාවික හමුදාපතිවරයාට උපදෙස් දී ඇත. මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඒ පිළිබඳව නාවික හමුදාවෙන් කරන ලද පරික්‍ෂණයක වාර්තා ආරක්‍ෂක අමාත්‍යාංශ්‍යට යොමුකිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. යෝෂිත රාජපක්‍ෂ මහතා සිදුකොට ඇති වැරදි එම පරීක්‍ෂණයෙන් සාක්‍ෂි සහිතව හෙළිදරව් කරගෙන ඇත. නාවික හමුදාපතිවරයාගේ අවසර නොගෙන නිවාඩු ලබා විදේශ ගතවීම, හමුදා සේවයේ සිටියදී ව්‍යාපාරික කටයුතු කිරීම, විදේශ සංචාර සඳහා රජයේ මුදල් වියදම් කිරීම ආදී චෝදනා ගණනාවක් යටතේ රාජපක්‍ෂ මහතාට එරෙහිව පියවර ගැනීමට නියමිතය. මෙලෙස යෝෂිත රාජපක්‍ෂ මහතා නීති විරෝධි කටයුතු සිදුකොට ඇත්තේ ඔහු ජනාධිපති ආරක්‍ෂක සේවයට අනුයුක්ත කොට සිටියදීය. එම කාලයේ ඔහු විදේශ සංචාර 74 ක් කර ඇතත් අවසර ලබාගෙන ඇත්තේ සංචාර 33 ක් සඳහා පමණකි. මෙම ක‍්‍රියාවන්ට අනුබල දුන් හා රජයේ මුදල් වියදම් කළ නිලධාරීන්ට එරෙහිවද වෙනම පරීක්‍ෂණයක් සිදුකොට පියවර ගැනීමට යන බව වාර්තා වෙයි.

පසුගියදා බරපතළ වංචා  විමර්ශන ඒකකය මගින් යෝසිත රාජපක්‍ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ මුදල් විසුද්ධිකරණ පනත යටතේය. එම කරුණ පිළිබඳව නාවික හමුදාව ක‍්‍රියා නොකරන අතර නාවික හමුදාව ක‍්‍රියාකරන්නේ නාවික හමුදා පනත යටතේ සිදුකොට ඇති වැරදි පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්‍ෂ මහතා යුධාධිකරණයක් මගින් කෙරෙන විභාගයකට ඉදිරිපත් කරනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *