වැලිසර කොවිඩ් පොකුර හමු වී මාසයක් ගියත් පාලනය කරගන්න බැරිවෙලා ; විශේෂඥයෝ කනස්සල්ලෙන්

වැලිසර නාවික හමුදා කඳවුරේ පළමු කොවිඩ් 19 රෝගියා  අප්‍රේල් 20 දා හමු වී මාසයක් ගතවී ඇතත් තවමත් රෝගය පාලනය කරගත නොහැකි වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා විශේෂඥයෝ බලවත් සේ කනස්සල්ලට පත් ව සිටින බව වාර්තා වෙයි.

මෙයට ප්‍රධාන ම හේතුව වී ඇත්තේ රෝගයට අලුතින් පිරිස් ආසාදනය වීම වලකාගත නොහැකි වී තිබීම යි. මේ වනවිට හමුවන රෝගීන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ මැයි මස දෙවන සතියේ දී පමණ බව සෞඛ්‍ය සේවා අංශ කියයි. ඊයේ වනවිට නාවික හමුදා භටයන් 579 කට රෝගය වැළඳී  තිබිණි. ඔවුන් මගින් ආසාදිත අනෙක් පිරිස් සැලකිල්ලට ගත්විට මෙම පොකුරෙන් ආසාදනය වූ මුළු සංඛ්‍යාව 620 ඉක්මවා ගොස් ඇති බව කියති.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසන්ගත රෝග අංශ ප්‍රධානී සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ වැලිසර කඳවුරේ තත්ත්වය ඇමෙරිකාව, බ්‍රතාන්‍යය වැනි රටකට සමාන බවයි. රෝගය පාලනය කිරීම එතරම් ම අසීරු වී ඇති බව ඒ මහතා කියයි.

වැලිසර කඳවුරේ ඇති වී තිබෙන තත්ත්වය තමන්ගේ ද කනස්සල්ලට හේතු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙහරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  මහතා ද රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *