නාමයෝජනා අහෝසි වුණොත් එජාපය එකට ඒමේ සූදානමක

දැනට ප‍්‍රකාශයට පත්කර ඇති මහමැතිවරණය නීතියට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුනහොත් දැනට බෙදී සිටින එක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ කිරීමට කැමැත්තෙන් සිටින බව වාර්තා වේ.

මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ලෙස බෙදී නාමයෝජනා බාරදුන් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙසේ එක්ව කටයුතු කිරීම ගැන අදහසක් හුවමාරු කරගෙන ඇත.

මෙම දෙපාර්ශ්වයේ පිරිස් මේ වන විටත් පොදු කාරණාවලදී එක්ව කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කරමින් ඇත. රාජිත සේනාරත්න මහතා රිමාන්ඞ් බන්ධනාගාරයට පත්කිරීමේ සිදුවීමේදීද දෙපාර්ශ්වය වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් පිරිසක් එක්ව කටයුතු කර ඇත. ඊට අමතරව ඇඳිරි නීති සමය තුළ සිදුවූ විවිධ පුද්ගලයන්ගේ මානව හිමිකම් කඩවීම් ඇතුළු සිද්ධි කිහිපයක් පිළිබඳව දෙපාර්ශ්වයේ නියෝජිතයන් එක්ව සාකච්ඡා කර ඇත.

මහමැතිවරණය අභියෝගයට ලක් කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් මැයි 18 වැනිදා සලකා බැලීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් වූ තීන්දුද හදිසි කටයුත්තක් ලෙස සලකා ඉක්මනින් ලබාදෙනු ඇතැයි කියැවේ.x

ඉඳුවර බණ්ඩාර

අනිද්දා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *