බන්දුලගේ හෝමාගම මහා ක්‍රිකට් පිටියට දස අතින් හයේ පහර ; මහේල, අර්ජුන, නාමල් ප්‍රහාර අරඹති

බන්දුල ගුණවර්ධන මහතාගේ අදහසක් අනුව හෝමාගම ඉදිකරන්නට යන බව කියන ලෝකයේ ලොකු ම ක්‍රිකට් ක්‍රීඩාංගණය අනවශ්‍ය බවට බරපතළ විවේචන එල්ල වෙමින් පවතියි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා කීවේ අප රටට අවශ්‍ය තරම් ක්‍රිකට් ක්‍රීඩාංගන තිබෙන බවයි.

අර්ජුන රණතුංග මහතා කියන්නේ ඕස්ට්‍රේලියාවේ තිබෙනවාට වඩා ක්‍රිකට් ක්‍රීඩාංගන ශ්‍රී ලංකාවේ තිබෙන බවයි.

අලුතින් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදි කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද විරෝධය පල කොට තිබු බව වාර්තා වීය.

සමාජ මාධ්‍යවල ද මේ පිළිබඳව විශාල ලෙස විවේචන එල්ල වෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *