ඊයෙත් 10ක් හඳුනාගනියි; මෙරට සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 991ක් වෙයි

ඊයේ දිනයේ දී කොවිඩ් 19 ආසාදිත රෝගීන් 10 දෙනකු අලුතින් හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 991 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  

මේ වන විට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 559 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. 

  එසේම මේ වන විට ආසාදිතයින් 423 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *