ඉන්දීයනූන්ගේ සහාය නොගත් එකදු මෘදුකාංග සමාගමක් ලංකාවේ නෑ.- මහාචාර්ය රොහාන් සමරජීව

rohan samarajivaතාක්ෂණයේ දියුණුවත් සමග සේවා ආර්ථිකයේ විප්ලවීය වෙනසක් සිදු වී තිබේ. මේ නිසා භාණ්ඩ හුවමාරුවට අමතරව, සේවාවන් සපයන වෘත්තීයවේදීන්ගේ සහාය ද හුවමාරු කරගැනීමට ද සිදුවී ඇත. වෙනත් රටවල් අපේ වෘත්තීයවේදීන්ගේ සේවාවන් අප ලබාගන්නා සේම වෙනත් රටවල වෘත්තීයවේදීන්ගේ සේවය මේ රටේ ව්‍යවසායකයින් ලබාගැනීම අද පුදුමයට කාරණයක් නොවේ. ඉන්දීය වෘත්තීයවේදී හූ මෙයට පැහැදිළි උදාහරණයක් සපයති. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවේශයක් ලෙස සේවා ආර්ථිකය ගැන ප්‍රථමයෙන් ම සරළව විමසා බලමු.

සේවා ආර්ථිකයට පැහැදිළි උදාහරණයක් ලෙස වෛද්‍ය සේවාව ගතහැක. සේවා ලබාගැනීම තුන් ආකාරයකට සිදුවේ. මට බෛපාස් සැත්කමක් කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා වෛද්‍යවරයෙකුගෙන් ඒ සේවය ලබාගැනීමට සිදුවේ. පළවෙනි ආකාරයේ සේවයක් ලෙස එය හැඳින්විය හැක. මෙහි දී, රටවල් අතර මේ සේවා ගණුදෙනුව කරන්නට හැකි ද යන්න සොයා බලමු. ඕක කරන්න පුලුවන් දෙයක් ද යනාදි ලෙසට ඉස්සර නම් මේ සම්බන්ධ විවාදයක් තිබුණි. නමුත් දැන් ඇත්ත වශයෙන්ම වෛද්‍යවරයෙකුට තම රටතුළ සිටිමින් වෙනත් රටක රෝගියෙකුට ශල්‍යකර්මයක් කළ හැකි ආකාරයට ද තාක්ෂණය අද දියුණු වී තිබේ. බෛපාස් තවම නොකළාට සමහර සරළ ශළ්‍යකර්ම අද එසේ කරන්නට පුළුවන. නැනෝ මීටරයට ඒ කැපුම් යනාදිය තවත් රටක සිට කිරීම අද එතරම් ප්‍රශ්නයක් නොවේ.

තව උදාහරණයකට ගතහොත් එච්. ඒ බී. සී. බැංකුවේ කොටසක් දැන් ලංකාවට ගෙනවිත් ඇත. ඒවායේ අභ්‍යන්තර ගණන් හදන ආකාරයට තමයි මෙතරම් වටිනාකමක් ඒ අය නිෂ්පාදනය කළ හැටියට ගණන් ගැනෙන්නේ. මේ ගණුදෙනුවල වටිනාකම මැණිම සෑහෙන දුශ්කර ය. දෙවැනි ක්‍රමය තමයි සේවය පරිභෝජනය කරන පුද්ලගයා සේවය දෙන රටට සංක්‍රමණය වීම. වෙනත් ආකාරයට කියන්නේ නම් ශල්‍යකර්මය අවශ්‍ය මිනිසා ඒ වෛද්‍යවරයා සිටින රටට ගොස් තම ප්‍රතිකාරය කරගෙන නැවත පැමිණිම. මුදල් වැඩිය ඇති ඉහළ මධ්‍යම පංතියේ අය ඇමෙරිකාව වැනි රටවලට ද ගොස් ඒ ආකාරයට ඒ ශල්‍යකර්මය කරගෙන නැවත පැමිණේ. එවැනි සේවාවක ගණන් හදන්නට මෙන් ම ඒක පාලනය කිරීමට ද අපහසු ය. ඒ අයට වඩා මුදල් අඩුවෙන් තියෙන අය සිංගප්පූරුව ඉන්දියාව වැනි රටවලට ගොස් එය කරගනිති.

තුන්වන ක්‍රමය තමයි මේ එන ප්‍රවාහය දැකලා ඉන්දියාවේ ඇපලෝ රෝහල මෙහාට පැමිණිම. ඒ අයත් ආදායමක් ලබා මේහෙ අයටත් එහෙ නොගිහින් යම් ලාභයකට ඒක කරගැනීම. දැන් ලංකාවේ ඇපලෝ රෝහල පටන්ගත්තේ ඒ ආකාරයට ය. ඒක එතකොට ආයෝජන ව්‍යාපෘතියක් හැටියට සැළකේ. ආයෝජන ව්‍යාපෘතියක් වූ විට, එතන දී තුන්වන මාදිලියේ සේවා නිල නාමයක් ඇතිවේ. අර බෛයිපාස්එක දැන් කරන්නේ එහෙ නොව ලංකාවේ දී ය. නමුත් ඒ සේවාව ගන්නේ එහෙන් ගෙනත් අටවපු රෝහලෙනි. මේක ඇත්ත වශයෙන්ම ඉන්දියාවට ගොස් ලබාගන්නා සේවයට වෙනසක් නැත. එතන දී ඉන්දියානු දොස්තරලා, ඉන්දියානු විධායක නිලධාරින් ඉඳීම ම අවශ්‍ය නැත. නමුත් සාමාන්‍යයෙන් ඒ අයගේ වෙළඳ සන්නාමය තියෙන විට, ඒක ආරක්ෂා කරගැනීමට කියලා එයාගේ කට්ටිය විශේෂයෙන්ම එවනු ඇත. ඒ අය එවන්නේ ඉහළ තනතුරුවලට මිසක් පහළ තනතුරුවලට නොවේ.

උදාහරණයක් ලෙස ඒ රෝහලේ පිරිසිදු කිරීම් වැඩවලට, හා වෙනත් පහල සේවාවලට ඒ අය එහෙන් සේවකයින් ගෙන්වන්නේ නැත. මෙහෙන් ගන්න එක ඒ අයට වියදම් ද අඩු ය. ඊ ළගට හතරවන ක්‍රමය තමයි ඔය විවාදයට තුඩු දී තිබෙන්නේ. පෙර ආවේ ආයෝජනයක් ලෙසට ය. දැන් මේකෙන් එන්නේ ශ්‍රමිකයින් ය. එතන දී ඒක ආරම්භ කළ හැටියම අපි හිතනවා දහස් ගණන් ගුවන් යානාවල නැගලා ලංකාවට එනවා කියලා. නමුත් ඔය වැඬේ කරන්නේ සාධනීය හා නිෂේධනාත්මක කියන ලැයිස්තු දෙකකට අනුව ය. නිෂේධනාත්මක ලැයිස්තුව යනුවෙන් හඳුන්වන්නේ වෙළඳ සාකච්ඡා වල ගිවිසුම් හදන විට භාණ්ඩ පිලිබඳ ගිවිසුම්වල දී අපි අනුගමනය කරන ක්‍රමවේදයකට. මේ, මේ කර්මාන්ත මේ, මේ සේවා ලෙස අංක වශයෙන් ඒවා සඳහන්කර නිදහස් කරති. මේවාට 10%ක් දෙන්නම් මේවාට 5%ක් දෙන්නම් යනාදි ලෙස අපි ගිවිසුම්වලට ඒ අනුව අත්සන් තබමු. එහෙම නොකෙරුවොත් ඒ භාණ්ඩ ලිහිල් ය ඒවාට බාධකයන් දමන්නට නොහැක.

නමුත් සේවා ගිවිසුම් වල තිබෙන්නේ මෙයට හාත්පසින්ම වෙනත් තත්ත්වයකි. ඒක වැටෙන්නේ සාධනීය ලැයිස්තුවට ය. සාධනීය ලැයිස්තුව යනුවෙන් හඳුන්වන්නේ අපි කිව්වොත් පමණයි ඒකට බලපෑමක් ඇති වන්නේ. සඳහන් නොකරන කිසිම දෙයක් ගිවිසුමට ඇතුලත් වෙන්නේ නැත. ඔය තොරතුරු තාක්ෂණය සහ නාවික කර්මාන්තය කියන ක්ෂේත්‍රය දෙක සාධණිය ලැයිස්තු නිසා තමයි ඒ පහසුකම දෙන්නට වෙලා තියෙන්නේ. ඒ අය ඒවා නම් කර ඇත. ඒ අනුව ස්වාභාවික පුද්ගලයින්ගේ යෑම් සහ පැමිණිම් පිළිබඳව ලිහිල් කිරීමක්, මෙතන ලංකාවට යෝජනාකර තිබේ. මේ වගේම ලංකාවෙනුත් එහාට යන්න එවැනි යෝජනාවක්කර ඇත. දෙවැනි කාරණය මේක කිවූ පලියට බිංදුවටම බහින්නේ නැත. මේකෙන් ආගමන විගමන නීති අහෝසි වන්නේ නැත. මෙහෙම වුනාම මේක එක එක ආකාරයට නිර්වචනය කරන්නට පුළුවන. හේතුව මේකේ සංකීර්ණ න්‍යාය පත්‍රයක් තිබේ. ඒවාට විසඳුම් ලෙස මේ වැටුප් ස්ථරයෙන් ඉහළට පමණක් ගැණෙන වෘත්තීයවේදීන් පමණක් යැයි අපිට කියන්නට පුළුවන. වසරකට ඇමෙරිකානු ඩොලර් 50000ක් ලබන රැකියා යනාදි ලෙස මෙය සීමා කළ හැක. ඉහළ විධායක නිලධාරින් 25දෙනෙකුගේ සීමාවකට යටත් ව මේ ආකාරයේ කර්මාන්තයක් සඳහා ලංකාවට එන්නට පුළුවන යනාදි ලෙස එය සීමා කළ හැක. ඒ කොන්දේසිය සමගම එයට පහලින් වැටුප් ලබන අයට එන්නට නොහැක.

ඊ ළගට අපිට කියන්නට පුළුවන් ඒ අයට ඒ සමාගමේ පමණක් රැකියාව කළ හැකිය යන්න. ඒ අය එතන සිටින ලොක්කා සමග ප්‍රශ්නයක් ඇතිකර ගතහොත් මිනිහට කියන්න බෑ මගේ ළමයි පාසැල් යන නිසා වෙනත් සමාගමකට යනවා කියන්නට. ආ පසු ඉන්දියාවටම ඔහුට යෑමට සිදුවේ. ඒක තමයි දෘඩම කොන්දේසිය. ඒක ටික ටික මානුෂිය තත්ත්වයකට ද එය ගෙන ආ හැක. ඒ කියන්නේ එයාට කියනවා, දරු පවුල් අරගෙන එන්නට පුළුවන. භාර්යාවට රක්ෂාවක් කරන්නට පුළුවන. ඒ ක්ෂේත්‍රයේ වෙනත් ආයතනයක වැඩ කරන්නට පුලූවන් යනාදි ලෙස එය ලිහිල් කරන්නට වුවද පුළුවන. එහි අනික් අන්තය තමයි ස්වාධින වෘත්තියවේදියෙකුට යන්නට එන්නට පුලුවන් කියන එක. මා ගතහොත්, ස්වාධීන වෘත්තියවේදියෙකි. මම ඔය වෙළඳ ගිවිසුමක රැකවරණය නැතිව රට රටවල ගිහිල්ලා මගේ දැණුම සපයා ඒවාට මුදල් ලබාගනිමි. අපිට මේවා සාමාන්‍යයෙන් බලපාන්නේ නැත. අපිත් වෙළඳාාමක් කරන්නේ වී නමුත් අපිට ඒ පහසුව නැත. අපිට වීසා ගන්නට විශේෂ කරදර විඳින්නට සිදුවේ. ගිවිසුමක් ඇතිනම් විසා ගන්න එකට මේ ගිවිසුම වරප්‍රසාදයකි. එතකොට ඒ සමාගම විසින් විසා ලබාගැනේ. බලපත්‍ර නැතිව වැඩකරන්නට නොහැක. ඒ ආයතනය අයිතිකාරයා කියනවා මේ ගිවිසුමේ මේ අයිතිය අපිට දී්ලා තිබෙනවා. ඒ ආයතනයේ දැනට ඉන්නේ 24දෙනා ය. 25 වෙනි එක්කෙනාට මම ඉල්ලුම් කරන්නේ යනාදි ලෙස ගිවිසුම අනුව ඔහුට කියන්නට පුළුවන. ඒක බොහොම සරළ ය. දැන් තිබෙනවාට වඩා වියදම නැති අතරම යාප්පුවීම හෝ පගාදෙන්නට අවශ්‍යවන්නේ නැත. මේක ඔය කෑගහන අය දන්නවා.

ඔය නීති යටතේ වෘත්තීයවේදින් හැටියට ඇමෙරිකාවට ගොස් රක්ෂාව කරලා, එහෙ මුදල් උපයාගෙන, එහෙ සමාගම් පිහිටුවපු කට්ටිය මෙතන දැඩි ලෙස පහර දෙනවා මේ ගිවිසුම්වලට. අපේ වෘත්තියවේදින්ට රටින් රට ගිහිල්ලා රක්ෂාව කරන්නට තියෙන වරප්‍රසාද භුක්ති විඳිති. නමුත් වෙන කෙනෙක් මෙහාට පැමිණ ඒ අය එය භුක්තිවිඳිනවාට විරුද්ධ වන්නේ ඇයි කියලා අහන්නට අපිට සිදුවේ.
එතකොට ඒ අයට ඒකට දෙන්නට පහසු උත්තරයක් තිබේ. ඇමෙරිකාවේ තියෙනවා නේ එක එක නීති යන්න ඒ උත්තරයයි. මෙහෙත් නීති පොත ඉරලා මුහුදට දමන්නේ නැත. ආගමන විගමන පනත අවලංගු කරන්නේත් නැත. ඒ සියල්ල එසේම තිබේ. එකම දේ ගිවිසුමට අනුව රැකියා අවසරපතක් අයැදුම් කළාම දිය යුතුයි අර කොන්දේශි ඉටු වූ අයට. කෝටා එක අවසන් වූ පසු ඒ කොන්දේසි වලින් පිටනම් ඔහු හෝ ඇය ආපසු යා යුතුයි. එපමණයි කාරණය. ඒ ගැන අවබෝධයක් අපිට තිබිය යුතු ය. මෙතන ඇත්තේ හුවමාරුව පිළිබඳ ප්‍රශ්නයකි. මේ ගිවිසුම් තුලින් ඒ ගණුදෙනුවල සංකීර්ණත්වය මගහැරේ.

මේ මගින් යම්කිසි අවිනිශ්චිත බවක් ඇත්නම් එය අඩුවනු ඇත. මම ව්‍යාපාරයක් පටන් ගන්නට යන විට මගේ ආයතනයට සුවිෂේශ හැකියාව ඇති පුද්ගලයින් සොයාගන්ට නොහැක. තුන් දෙනෙක් සිටින නමුත් තව එක් අයෙක් අවශ්‍ය වෙන්නට පුළුවන. ඒ දක්ෂතාවය තිබෙන පුද්ගලයා ලංකාවෙන් සොයා ගන්නට නොහැකි නම් මං කැමතියි ඒ වැනි පුද්ලගයෙකු වෙන්ත රටකින් ගන්නට. නමුත් එක ගැනීම ලෙහෙසි නෑ මේ ක්‍රමය යටතේ. ඉතා අමාරුවෙන් තමයි එහෙම ගෙන්නා ගන්නට වෙන්නේ. විවිධ ක්‍රමවේදයන් යටතේ ලංකාවට වෘත්තියවේදින් ගෙන්නාගෙන තියෙනවා පමණක් නොව දැණුදු සේවයේ යොදවා ඇත. නො නොමළ ගෙදරකින් අබ ඇටයක් ගෙනෙන්නට යැයි බුදුහාමුදුරුවෝ වදාළ සේක. ඉන්දියානු විශේෂඥයන් සේවයේ යොදවා නොගත් මෙරට මෘදුකාංග සමාගමකින් අබ ඇටයක් ගෙනෙන්න ලෙස මම අභියෝග කරමි.

(ඉතිරි හරිය ඊළග කොටසෙනි)

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *