සජිත් පිලේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයි පෙත්සම සිකුරාදා (22) විභාගයට

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය මගින් මහා මැතිවරණය සඳහා භාර දී ඇති නාම යෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම ලබන සිකුරාදා (22 දා ) විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනුසුරු මඩුල්ල අද තීරණය කළේ ය.

ජේ තුරෙයිරාජා , මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ අදාළ පෙත්සම අද සලකා බැලු අවස්ථාවේ දී පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ විනුසුරු මඩුල්ල ඒ සඳහා සිකුරාදාට දින නියම කළේ ය.

කොළඹ දිස්ත්‍රික් එජාප අපේක්ෂක ඕෂද හේරත් මහතා විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සම මගින් කියන්නේ සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කොට ඇති නාම යෝජනා නීති විරෝධී බව යි.

සමගි ජන බලවේගය ලෙස නාම යෝජනා භාර දී ඇත්තේ ” අපේ ජාතික පෙරමුණ ” නම් පක්ෂයේ ලියාපදිංචිය භාවිතා කරමින් බව පෙත්සමින් පෙන්වා දී ඇති අතර එම නාම යෝජනා අත්සන් කළ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා එකී පක්ෂයේ ලේකම් තනතුරට නීත්‍යනුකුලව පත්වී නැති බවට කරුණු දක්වා ඇත.

ඒ අනුව සමගි ජන බලවේගය නමින් ඉදිරිපත් කොට ඇති සියලු නාම යෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන්නැයි පෙත්සන්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *