රාජපක්‍ෂ පාලනය දුෂණ, වංචා, අපරාධ සිද්ධ කරල තියෙන ආකාරය අනුව නීතිය අභිමුවට ගෙන ඒම ලේසි නෑ – මහාචාර්ය සරත් විජේසූරිය

Prof.-Sarath-Wijesuriyaරාජපක්‍ෂ පාලනය තුළ දුෂණ, වංචා, අපරාධ සිද්ධ කරල තියෙන ආකාරය අනුව නීතිය අභිමුවට ගෙන ඒම සරල කටයුත්තක් නෙමේ. රාජ්‍ය බලය යොදලා විවිධ සියුම් ක‍්‍රම විධි පරිහරණය කරල තමයි මේ සියලූ දේවල් කරල තියෙන්නෙ. යම්කිසි ආකාරයකට තමන්ගෙ අණසකට යටත් කරගෙන පොලීසිය, නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන සාධාරණ ආකාරයකට මේ පරීක්‍ෂණ සිදු කරයි ද කියන සැකය තිබුණා.

පහුගිය කාලේ, විවිධ පුද්ගලයෝ, මාධ්‍යවලිනුත් දිගින් දිගටම අහපු ප‍්‍රශ්නය තමයි  ජනවාරි 8 වෙනිදා මේ රටේ පැවති ආණ්ඩු ක‍්‍රමය වෙනස් කළේ දුෂණය, අපරාධ පිළිබඳ විමර්ශනය ප‍්‍රධාන තේමාව කරගෙන කියල. එහෙත් පහුගිය කාලය තුළ මහජන නියෝජිතයො ඇතුළු විශාල පිරිසක් මතු කළ ප‍්‍රශ්නය තමයි. ජනවාරි 8 වෙනිදට පෙර කරපු දුෂණ අපරාද හා සම්බන්ධ වැරදි කරුවන් නීතිය හමුවට පැමිණ වීම නොකළේ මන්ද? කියන එක. විවිධ කතා ගොඩනැගෙන්නට පටන් ගත්තා. විවිධ සම්බන්ධතා උඩ විවිධ ගනුදෙනු හරහා ඒ දුෂණ අපරාධ සියල්ල යටපත් කරනව කියල. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එක්තරා පුවත්පතකට සම්මුඛ සජකච්ඡුාවක් දෙමින් කිව්වා ‘අපේ පවුලෙ කිසි කෙනෙක් කිසිම වරදක් කරලා නැහැ. අපිට මඩ ගහන එකයි කරන්නෙ. පුලූවන්නම් නීතිය අභිමුවට පමුණුවලා අපි වරදක් කරල තියෙනව නම්, ඒක ඔප්පු කරන්න’ කියලා. ඒ වගේම ඒකාබද්ධ විපක්‍ෂයේ පුද්ගලයොත් දිගින් දිගටම මතුකළ ප‍්‍රශ්නය තමයි ‘කෝ හොරු ඇල්ලූවද?’ කියන එක.

මේක සිවිල් සමාජයටත් එක්තරා ආකාරයකට ප‍්‍රශ්නයක් බවට පත් වුණා නීතිය ක‍්‍රියාත්මක කිරීම යම්කිසි ආකාරයකට මන්දගාමී තත්ත්වයක පැවතීම. අපි තේරුම් අරගත්ත දෙයක් තමයි රාජපක්‍ෂ පාලනය තුළ ¥ෂණ, වංචා, අපරාධ සිද්ධ කරල තියෙන ආකාරය අනුව නීතිය අභිමුවට ගෙන ඒම සරල කටයුත්තක් නෙමේ. රාජ්‍ය බලය යොදලා විවිධ සියුම් ක‍්‍රම විධි පරිහරණය කරල තමයි මේ සියලූ දේවල් කරල තියෙන්නෙ. යම්කිසි ආකාරයකට තමන්ගෙ අණසකට යටත් කරගෙන පොලීසිය, නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන සාධාරණ ආකාරයකට මේ පරීක්‍ෂණ සිදු කරයි ද කියන සැකය තිබුණා. කෙසේ වෙතත් වසරක් ගත වෙන කොට අපට දැන ගන්නට ලැබෙන ආකාරයට ඒ අදාල අංශ ඉතාමත් ම විද්‍යාත්මක පදනමක පිහිටා බොහෝ පරීක්‍ෂණ කටයුතු සිද්ධ කරල තියෙනව. පරීක්‍ෂණ ගණනාවක් අවසාන කරලත් තියෙනව. ඒ වගේම සමහර මිනී මැරීම් සම්බන්ධව අතුරු දහන් කරල තිබුණු නෛතික ලේඛන වල අවශ්‍ය මූලික දත්ත සොයාගෙන පරීක්‍ෂණ ඉතාමත්ම විද්‍යාත්මක ක‍්‍රමයට සිදු කරල තියෙනව.

පසුගිය දා යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමත් සමගම යම්කිසි ආකාරයකට මතයක් ඉදිරිපත් කරනව රණවිරුවෙක් ව අත්අඩංගුවට අරගත්ත කියල. හිටපු ජනාධිපතිවරය කියනව ‘යුද්ධයට මගේ පුතා කැමැත්තෙන් ඉදිරිපත් වුණා, ඔහුගෙන් පලි ගන්නව කියල.’ හැබැයි මාධ්‍යවලින් අනාවරණය කරල තියෙනව. ඔහු මොන ආකාරයටද නාවික හමුදාවට බැඳුනෙ? පාර්ලිමේන්තුව තුළ දීර්ඝ වශයෙන් විපක්‍ෂයේ සංවිධායකවරයා කරුණු දක්වල තියෙනව, ඔහුට නාවික හමුදාවට බැඳෙන්න අවශ්‍ය මූලික සුදුසුකම් නැති බව. ඒ වගේම ඔහුට අවශ්‍ය කරන පහුණුව ලබාදීමට සම්ප‍්‍රදායෙන් පිටත ලක්‍ෂ 300 කට ආසන්න මුදලක් වැය කරල තියෙන බව. මේ ඔක්කොම ලිඛිත සාධක ඇතිව අනාවරණය වෙලා තියෙනව.

ඔහු යුද්ධය වෙනුවෙන් බඳවාගත්ත රණවිරුවෙක් නම්, යුද්ධයට කැපවුණු රණවිරුවෙක් නම් ඔහු කොහොමද පුද්ගලික මාධ්‍ය ආයතනයක නියමුවෙක් බවට පත්වෙන්නෙ? අපට දැනගන්නට ලැබිල තියෙන ආකාරයට ඔහු නාවික හමුදාවට බැඳුනට පස්සෙ 74 වතාවක් විදේශ ගතවෙලා තියෙනව. ඉන් 33 වතාවක් පමණයි නාවික හමුදාවෙ අවසරය පිට විදේශ ගත වෙලා තියෙන්නෙ. එතකොට ඔවුන් මොන ආකාරයකට නීතිය අවභාවිත කරල තියෙනවද? විශාල ධනස්කන්ධයක් පරිහරණය කරල තියෙනවද? හිටපු ආරක්‍ෂක ලේකම් කියනව දේශපාලනය කරල තියෙන ලොකු අය වැරදි කරල තියෙනව නම් ඒ අයගෙන් පලිගත්තට කමක් නෑ අවුරුදු විසි ගණනක පොඩි ළමයෙක්ව මොකට ද මේ අත්අඩංගුවට ගත්තේ ඒක ගැන ඔහු බලවත් සංවේගයට පත්වෙනව කියල. අවුරුදු විසි ගණනක ළමයෙන් මහජන මුදල් මේ සා ප‍්‍රමාණයක් සපරාධි ලෙස පරිහරණය කිරීම වැරැුද්දක් නෙවේද? එතකොට ඒ ආරක්‍ෂක ලේකම්වරයා තමාගේ සහොදරයාගේ  දරුවාගේ පුහුණු වීම් සඳහා රාජ්‍ය මුදල් මේ ආකාරයට විහපැහැදම් කිරීම වරදක් නොවේද? එකින් එකට විස්තර කිරීම අවශ්‍ය වනනේ නහැ. රාජපක්‍ෂ වරුන් මේ රට තමන්ගේ රට කියලා හිතේ තියාගෙන තමන්ට අභිමත ආකාරයට රාජ්‍ය මුදල් පරිහරණ කළා. රාජ්‍ය දේපළ පරිහරණය කළා.  තමන්ට විරුද්ධ අදහස් පළ කරන පුද්ගලයන් ගේ ජීවිත්වීමේ අයිතිය නැති කළා.

මේ පිළිබඳ පරීක්‍ෂණ විවිධ ආකාරයට යටපත් කර ගැනීමට කරන ප‍්‍රයත්නයන් මැඩපවත්වාගෙන යුක්තිය අභිමුවට පැමිණෙන තත්ත්වයක් අපට දක්නට ලැබෙනව. මේ අවස්ථාවේ දී අපි රටේ නීතිගරුක පුරවැසියන්ට විශේෂයෙන්ම දන්වා සිටින්නේ මේ කරුණ පිළිබඳ සංවේදී වීමට අවශ්‍ය වෙනවා. කාලයක් තිස්සේ කිව්වා හොරු ඇල්ලූවද? කෝ හොරු? කෝ අපරාධකාරයො? කියල. නීතිය අභිමුවට කැලෑ නීතියකින් තොරව පරීක්‍ෂණ පවත්වල අදාල පුද්ගලයො කැඳවන අවස්ථාවේ දී, නීතිය ක‍්‍රියාත්මක කරන අවස්ථාවේ පලි ගන්නවා කියල මතයක් ගොඩනගන්නට උත්සාහ කරනව. නීතිය ක‍්‍රියාත්මක කිරීම පලිගැනීමක් බවට පත්වන්නේ කෙසේද? මේ කාරණාව පිළිබඳ විචාරශීලි වීම අවශ්‍යයි. කවර පුද්ගලයෙක් වේවා සාවද්‍ය, සාපරාධි ක‍්‍රියාකලාපයකට දායක වෙලා තියෙනව නම් එදා හෝ අද සියලූ දෙනාට නීතිය ක‍්‍රියාත්මක කරන්නට අවශයයි කියන මතය තමයි අපි දරන්නෙ. ඒ නිසා අපි මේ අවස්ථාවේ දී රජයට බලකර කියා සිටිනවා මේ වනකොට යම් පරීක්‍ෂණ අවසාන කරල තියෙනව නම්, නොපමාව ඊට අදාල පුද්ගලයන් නීතිය අභිමුවට පමුනුවන්න. අපි කියන්නෙ කාගෙන්වත් පලිගැනිම නෙමෙයි අවශ්‍යය. රටට කිව්වා නම්, ජනතාවට කිව්වා නම් බරපතල ලෙස මූල්‍ය අපරාධ සිද්ධ කරල තිියෙනව කියල, මනුෂ්‍ය ඝාතන සිද්ධ කරල තියෙනව කියල ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනව ඊට අදාල පරීක්‍ෂණ කඩිනම් කරල අදාල පුද්ගලයන් නීතිය අභිමුවට පැමිණ වීමට. සුදුසු දඬුවම් ලබාදීමට.

ඒ වගේම මම මේ රටේ සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා භික්‍ෂූන් වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ පන්සිල් රකින සාමජයක් ගොඩනගන්නට නම්, නිතිය ආරක්‍ෂා කිරීමේ වගකීමත් උන් වහනසේලාටත් තිබෙනව. ඒ නිසා භික්‍ෂූන් වහනසේලා මේ අවස්ථාවේ දී කල්පනා කරන්නට අවශ්‍ය වෙන්නේ යම්කිසි ආකාරයකට වරදක් කරල තියෙනව නම්, ඒ පුද්ගලයන්ට නිතියේ රැුකවරණය ලබා ගැනීම සඳහා උද්ඝෝෂණය කරන එක නෙවෙයි, නිතිය ක‍්‍රියාම්ක කරල වරදක් කරල තියෙනව නම්, ඊට නිසි දඬුවම් ලබා දෙන්න. ¥ෂණය කියන එක වළක්වන්නට නම්, ¥ෂණ අපරාධ කරපු පුද්ගලයන්ට නීතිය ක‍්‍රියාත්මක කිරීම අවශ්‍යයි කියන මතය තමයි අපි දරන්නෙ.

(2016.02.01 දින පස්වරුවේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් කොළඹ 10, ඩින්ස්පාරේ, සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවේදී එම සංවිධානයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් කළ අදහස් දැක්වීම ඇසුරිණි.)

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *