ජුලි මැද මැතිවරණය තියන්න ජුනි මුල ඇඳිරි නීතිය ඉවත් කරන්න රජය සූදානම්!

ජුලි මාසයේ මැද මහ මැතිවරණය පවත්වන්නේ නම් ජුනි මස මුල වනවිට ඇඳිරි නීතිය සම්පුර්ණයෙන් ඉවත් කිරීමට රජය සුදානම් බව රජයේ වගකිව යුත්තන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව රාත්‍රී කාලයේ ඇතුළුව සියලුම ඇඳිරි නීති ක්‍රියාමාර්ග නතර කරනු ඇත.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා බලධාරීන්ගේ අදහස වී ඇත්තේ ඇඳිරි නීතිය නැතත් අනෙක් සියලු ආරක්ෂක පියවර දිගටම පවත්වාගෙන යා යුතු බවයි . කොවිඩ් 19 මේ අවස්ථාවේ පාලනය කළ ද නැවත හිස එසවිය හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඔවුන් කියන්නේ කොවිඩ් 19 සඳහා එන්නතක් හෝ ඖෂධයක් සොයාගන්නා  තෙක් මෙම රෝගය යලි හිස එසවීමේ අවස්ථාව පවතින බවයි.

රජයේ ආරංචි මාර්ග කියන්නේ යලි කොවිඩ් මතුවුවහොත් එම ප්‍රදේශ පමණක්  හුදෙකලා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා  බවයි.

මැතිවරණය පැවැත්වීම සඳහාත් ආර්ථිකය යලි පන ගැන්වීම සඳහාත් ඇඳිරි නීතිය ඉවත් කිරීම අවශ්‍ය බව රජයේ පිළිගැනීම වී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *