ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 6යි. 6ම නාවික හමුදාවේ. මුළු ගණන 869 දක්වා ඉහළට

ඊයේ (11) දිනයේදී කොරෝනා වෛරස් ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. 

“මීට මොහොතකට පෙර කරාපිටිය රසායනාගාරයේ ප්‍රතිඵල ලැබුණා. ඒ අනුව හය දෙනෙක් රෝගීන් වාර්තා වෙනවා. මේ හය දෙනාම නාවික භටයින්. කෙසේවෙතත් මේ සංඛ්‍යාව අඩුවෙන බව පේනවා. ඒ වගේම වෙනත් ස්ථානවලින් වෙනත් තැන්වලින් රෝගීන් වාර්තා වීම අඩුවෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 869 දක්වා ඉහළ ගොස් තිබේ. 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *