නවසීලන්තයේ වසා දැමුණු ආපනශාලා- සිනමාශාලා – සාප්පු සංකීර්ණ විවෘත කරයි

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ආපනශාලා, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කිරීමට අවසර දෙන බව නවසීලන්ත රජය ඊයේ  (11) නිවේදනය කළේය.

ඒ අනුව ආපනශාලා, තේ හා කෝපිහල්, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ මෙන්ම රට තුළ සංචාරය කිරීමට ද බ්‍රහස්පතින්දා (14) සිට අවසර ලබාදෙන බව නවසීලන්ත රජය සඳහන් කළේය.

මැයි 18 වැනිදා පාසල් විවෘත කළ හැකි බවත් මැයි 21 වැනිදා බීමහල් විවෘත කළ හැකි බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් ප්‍රකාශ කළාය.

එහෙත් එක්රැස් විය හැකි උපරිම ගණන 10කට සීමා කරන බව ද ඇය තවදුරටත් කීවාය.

අල්ජසීරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *