කොරෝනා සමග ජීවත්වෙන්න අප පුරුදු විය යුතුයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ

කොරෝනා වැනි මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක දී එය සම්පුර්ණයෙන් තුරන් කිරීම නැතහොත් කොරෝනා බින්දුව කිරීම කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

කළ හැකි වන්නේ අපට එතරම් හිරිහැරයක් නොවන ප්‍රමාණයට රෝගය පාලනය කිරීම පමණක් බව පැවසු ඒ මහතා රෝගය සමග ජීවත් වීමට අප හුරුවිය යුතු බව ද පැවසීය.

පෞද්ගලික රුපවාහිනී නාලිකාවකට අද උදේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල තිබු කොවිඩ් පොකුරු සම්පුර්ණයෙන් නිෂ්ක්‍රිය කර ඇති නිසා එම දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය ලිහිල් කළ හැකිවීය.

එසේ වුව ද සුදුවැල්ලේ හා කෙසෙල්වත්තේ අවසන් රෝගීන් හමුවී එතරම් කාලයක් ගෙවී නැති නිසා කොළඹ හා ගම්පහ  ඇඳිරිනීතිය ලිහිල් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ද අනිල් ජාසිංහ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *