කුරුණෑගල පොහොට්ටු රෝහල් අධ්‍යක්ෂ බලය පෙන්වයි ; සෞඛ්‍ය ලේකම් තනතුරෙන් ඉවත් කරයි ?

චෝදනා රැසක් ලබා සිටින කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා තමන්ට ලබාදුන් ස්ථාන මාරුව භාර නොගෙන දිගටම සේවය කරන බවත් ඒ වෙනුවට ඔහුට ස්ථාන මාරුව ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් තුමිය තනතුරින් ඉවත්කිරීමට යන බවත් වාර්තා වෙයි.

ඒ අනුව දැනට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරය දරන භද්‍රානි ජයවර්ධන මහත්මිය එම තනතුරින් ඉවත් කොට ඒ සඳහා හමුදා නිලධාරියකු පත් කිරීමට යන බවත් වාර්තා වෙයි.

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාට  එරෙහිව එම රෝහලේ සියලුම වෘත්තීය සමිති චෝදනා 13ක් යටතේ කරුණු දක්වා තිබිණි. එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද විශේෂ ලිපියක් මගින් ඉල්ලා සිටියේ ඔහු තනතුරින් ඉවත් කරන ලෙසයි.

ඒ අනුව ක්‍රියාකළ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වීරබණ්ඩාර මහතා අමාත්‍යාංශය වෙත මාරුකරන ලද්දේ ඔහුට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන තෙක් ය.

සරත් වීරබණ්ඩාර මහතා තම මාරුව භාර නොගෙන දිගට ම කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරයි.

සෞඛ්‍ය  ලේකම් තුමිය තනතුරින් ඉවත් කිරීමට යන්නේ එම පසුබිම තුළ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *