පඩි බාගේ ජයසුන්දර පඩි දෙකක් ගනියි !

රජයේ සේවකයින්ගෙන් පඩිය හෝ පඩි බාගයක් ඉල්ලා සිටීම නිසා පඩි බාගේ ජයසුන්දර ලෙස ආරුඩ නමක් පටබැදී ඇති ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා රජයෙන් වැටුප් දෙකක් නීත්‍යනුකුලව ම ලබාගන්නා බව හෙළිදරවු වී ඇත.

ඉන් එක් වැටුපක් ජනාධිපති ලේකම් ලෙස ලබාගන්නා අතර අනෙක් වැටුප ලබාගන්නේ මහ බැංකුවේ සේවය කොට විශ්‍රාම යාමට අදාළ විශ්‍රාම වැටුප වශයෙනි . එම විශ්‍රාම වැටුප ද සැලකිය යුතු විශාල වැටුපක් බව කියති.

මැයි මාසය සඳහා ඔහුගේ විශ්‍රාම වැටුප මේ වන විටත් ඔහුගේ බැංකු ගිණුමට බැර වී ඇති බව ද වාර්තා වෙයි.

තම මැයි වැටුප රජයට දෙන්නැයි ජයසුන්දර මහතා ඉල්ලන රජයේ සේවකයන්ට එලෙස වැටුප් දෙක දෙක ලැබෙන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *