මැතිවරණය ජුලි මස මැද හෝ පසුව; දිනය තීරණය කරන්න කොමිසම 12 දා රැස්වෙයි

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසන් සභාව 12 දා ( අඟහරුවාදා ) රැස්වීමට නියමිත ය.

මැතිවරණයට තරග කරන පක්ෂ නියෝජිතයන්ගේ හමුවක් ද එදින පැවැත්වීමට නියමිත ය.

ජුනි 20 දා මැතිවරණය පැවැත්විය නොහැකි බවට පොදු එකඟතාවක් මේ වනවිට පවතී.

දැනට පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්විය හැකි වන්නේ ජුලි මස මැද හෝ ඉන් පසුව බව අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *