යෝෂිත රාජපක්ෂට තවත් නඩු වැලක්

සී එස් එන් නොලිකාවේ මුදල් ගනුදෙනු මගින් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව තවත් චෝදනා ගණනාවක් යටතේ නඩු පැවරෙනු ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . නාවික හමුදා සේවයේ යෙදී සිටිමින් ව්‍යාපාරික කටයුතුවල යෙදීම , නියමිත සුදුසුකම නොමැතිව රැකියා සහ තනතුරු ලබාගැනීම , විදෙස් පුහුණුව ලබාගැනීම සහ ඒ සදහා රජයේ මුදල් කෝටි දෙකකට වඩා වැයකිරීම ,අවසර නොමැතිව සහ නිවාඩු ලබා නොගෙන විදෙස් සංචාරවල යෙදීම ආදී චෝදනා ගණනාවක් යටතේ ඔහුට එරෙහිව නාවික හමුදා පනත යටතේ නඩු පැවරෙනු ඇති බව  කියති . එම නඩු යුද්ධාධිකරණයට යොමුවනු ඇතැයිද විස්වාස කෙරෙයි . මෙම වැරදි කිරීමේදී ඒ සදහා නියෝග , අධාර සහ අනුබල දුන් අය පිළිබදවද ක්‍රියා කිරීමට සිදුවනු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන්ද පරීක්ෂණ අවසන්ව ඇති බවද දැනගන්නට ඇත . එයට වගකිව යුත්තන්ද ඉදිරි කාලයේ අත් අඩංගුවට ගැනීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *