නිහඬ කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් !

කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගත් ප්‍රධාන පොකුරු 31ක් නිවා දැමීමට හෝ පාලනය කිරීමට මේ වනවිට හැකියාව ලැබී ඇතත් රටපුරා  නිහඬව වැඩෙන පොකුරු ගණනාවක් පැවතිය හැකි බව වසංගත රෝග විශේෂඥයෝ කියති.

වැලිසර නාවික හමුදා කඳවුරේ ආසාදිත සෙබළුන් සියයක් පමණ නිවාඩු ලබා සමාජයට ගොස් සිටීමත්, ඔවුන් ඇසුරු කළවුන් සියලු දෙන නිරෝධායනයට යොමු කළ ද , හඳුනා නොගත් ආසාදිතයකු හෝ කිහිප දෙනකු සමාජයේ ඉතිරිව සිටීමට ඉඩකඩ ඇති බවත් ඔවුන්ගෙන් අලුත් පොකුරු බිහිවීමේ හැකියාව ඇති බවත් කියති.

මෙම රෝගය ආසාදනය වූ සියයට 20 කට රෝග ලක්ෂණ මතුවන්නේ නැත . තවත් සියයට 65 කට ඇතිවන්නේ සුළු සෙම්ප්‍රතිශ්‍ය තත්ත්වයකි. රෝගය වැළදී ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වන්නේ සියයට 15 කට ය. ඔවුන්ට ද රෝග ලක්ෂණ මතුවීමට දින දහයක් පමණ ගතවෙයි. එසේ වුව ද , මෙම ආසාදිතයන්ගෙන් තවත් ඇයට රෝගය බෝවීම මුල් අවස්ථාවේ සිටම සිදුවෙයි. ඒ අනුව රෝගී පොකුරක් නිර්මාණය විය හැකි වුව ද එය හඳුනා ගැනීමට කලක් ගතවෙයි. එතෙක් එය පවතින්නේ නිහඬ රෝගී පොකුරක් වශයෙනි.

වැලිකඩ නාවික හමුදා රෝගී පොකුර හනුනගන්නා  විට රෝගය නාවික භටයන් 400 කට වැඩි පිරිසකට අසාදනය වී තිබු බව දැන් තහවුරු වී තිබේ .

ඒ ආකාරයෙන් ම හඳුනා නොගත් කොවිඩ් පොකුරු වර්ධනය වීමේ අනතුර දැන් අප ඉදිරියේ තිබෙන ප්‍රබල ම අභියෝගය බව වසංගත රෝග විශේෂඥයෝ කියති.

ඒ අනුව ඉදිරි සති දෙකක පමණ කාලය තීරණාත්මක බව ඔවුහු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *