මැ.කො. ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි !

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය පුත්‍රයා එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා තම තනතුර අවභාවිතා කර ඇති බවට මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වීමත් සමඟ උද්ගත වී ඇති ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට තීරණය කර තිබේ. 

ඒ අනුව එළඹෙන සඳුදා (11) පස්වරු 04.30ට හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක නිල නිවසේදී රැස්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ කරුණු දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා සඳහන් කර තිබුණේ සිය පුත්‍රයා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලික මට්ටමෙන් ඉහළ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුට සහ නෙදර්ලන්ත තානාපතිවරයාට පණිවිඩ ලබාදුන්නා විනා නීතිවිරෝධී කිසිවක් සිදු නොකළ බවය. එහෙත් තමන් නීතිවිරෝධී යමක් කළ බව පවසන්නේ නම් තනතුරින් ඉල්ලා අස්වීමට ද තමන් සූදානම් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *