කුරුණෑගල පොහොට්ටු රෝහල් අධ්‍යක්ෂ වහාම මාරු කරයි

කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර යවා තිබේ.

අදාල ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බැලීම සඳහා  නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව මහතා පත්කොට ඇත.

කොරෝනා මර්දනය සඳහා කුරුණෑගල රෝහල නිසි ලෙස කළමනාකරණය නොකරීම ඇතුළුව චෝදනා රැසක් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ල වී තිබේ .

රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයෙන්  වැඩි පිරිසක් ඔහුට විරුද්ධව විරෝධතා ක්‍රියාමාර්ග ගත් අතර රජයේ වෛද්‍ය නිලධාරෙන්ගේ සංගමය ද ඔහුට විරුද්ධව අමාත්‍යංශ ලේකම් වෙත කරුණු දක්වා තිබිණි.

රෝහල් අධ්‍යක්ෂ ධුරය දරමින් දේශපාලන කටයුතු වල යෙදුන සරත් වීර බණ්ඩාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ආධාර කරුවෙකි. මෙවර මහ මැතිවරණයට තරග කිරීමට ඔහු බලාපොරොත්තුව සිටිය ද ඔහුට ඒ සඳහා අපේක්ෂකත්වය නොලැබුණි .

ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදුකරන තෙක් මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *