පැණි වරකාවට හෙණ : කුරුණෑගල රෝහලේ පොහොට්ටු අධ්‍යක්ෂ ඉවත් කරන්නැයි GMOAත් ඉල්ලයි

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි දෙපාර්තමේන්තු පරීක්ෂණයක් සිදු කරන ලෙසත් එතෙක් ඔහුව එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාශයෙන් ඉල්ලීමක් කර තිබේ. 

සරත් වීර බණ්ඩාර යනු වියත්මග කුරුණෑගල ශාඛාව සමඟ එක්ව කටයුතු කළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් සිටි අයෙකි. ඔහු අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ ද සමීප සබඳතාවක් පවත්වාගෙන ගියේය. විශේෂයෙන් වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු වුවමනාවෙන් වෙනුවෙන් සිය තනතුර අවභාවිතාවේ යෙදීමට ඔහු ක්‍රියා කළේය. 

ඒ සමයේදී ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වීරයකු වී සිටි අතර මෑතකදී ඔහු කුරුණෑගල නගරාධිපතිවරයා සමඟ ගැටුමක පැටළීමෙන් අනතුරුව තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. එනම්, පැණි වරකා ගසට හෙණ වැදී තිබේ. 

සරත් වීර බණ්ඩාර නම් දන්ත වෛද්‍යවරයා ඔය තනතුරට නුසුදුසු බවත් ඔහුට එරෙහිව මීට පෙර ද චෝදනා ගණනාවක් එල්ල වී ඇති බවත් අප පෙන්වා දුන්නේ මීට බොහෝ කලකට පෙර සිටය. එහෙත් එදා සියල්ලන්ම එකතු වී ඒවා යටපත් කළේ ජාතිවාදයේ බලපරාක්‍රමය පෙන්වමිනි. එකී දේශපාලන දීගයට හෙණ වැදීමෙන් අනතුරුව දැන් කාටකාටත් අප කී දෑ තේරුම් යන්නට පටන් ගෙන ඇති බව පෙනේ. 

අපගේ ප්‍රශ්නය වන්නේ මෙවැනි පුද්ගලයෙකු වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් කී දෑ පමණක් ඇත්තයැයි පොහොට්ටු සාමාජිකයින් කියන්නේ කවරාකාරයෙන්ද යන්නය. 

LANKANEWSWEB



Leave a Reply

Your email address will not be published. Required fields are marked *