ඊයේ රෝගීන් 29න් 24ක් නාවික හමුදාවේ. වයස 07ක දරුවෙක් ඇතුළු නාවික පවුල්වල තිදෙනෙකුත්

ඊයේ (06) දිනයේදී මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 29ක් බවත් ඒ අතරින් 24 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. 

“ඊයේ දිනයේ 29 දෙනෙක් තමයි වාර්තා වෙලා තියෙන්නෙ. මේ 29න් 24ක් නාවික සෙබළුන්. ඉතිරි එක් පුද්ගලයෙක් පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයෙක්. ඒ හැරුණුකොට ඉතිරි 4 දෙනාත් නාවික හමුදාවට සම්බන්ධයි. 

කෙරවලපිටියෙන් පුද්ගලයෙක්, ඔහුට නාවික හමුදා ආශ්‍රයක් තිබිලා තියෙනවා. ඒවගේම නාවික හමුදා පවුලක කුඩා දරුවෙක්, වයස 07ක පමණ. ඒවගේම නාවික හමුදා පුද්ගලයෙක්ගෙ මව සහ පියා. මේ විදියට තමයි ඊයේ 29 දෙනා වාර්තා වෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *