අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ලද බැණ වැදීම මාධ්‍යයට එල්ල කරන ලද දැඩි තර්ජනයක්! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ශී‍්‍ර ලංකා කර්තෘ සංසදයටත්, ප‍්‍රධාන පුවත්පත් කිහිපයකට සහ විද්‍යුත් මාධ්‍ය ආයතනයකටත්, එම මාධ්‍ය ආයතනවල වැඩ කරන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටත් ඔවුන්ගේ නම් සඳහන් කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනවාරි මස 28 වැනි දින පාර්ලිමේන්තුවේදී කරන ලද දෝෂාරෝපණය සම්බන්ධයෙන් දැඩි අප‍්‍රසාදය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, රටේ අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් එවැනි ප‍්‍රකෝපකාරී, අපරිණත හැසිරීමක් බලාපොරොත්තු නොවුණ බව ද ප‍්‍රකාශ කර සිටී. ඇඹිලිපිටියේ පොලීසිය විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති කල්තැබීමේ විවාදය අවස්ථාවේ අදහස් පළ කළ අග‍්‍රාමාත්‍යවරයා, එම සිදුවීමත් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගය අවස්ථාවේ බොදු බල සේනාවේ නායක ඥාණසාර හිමියන් ඇතුලූ පිරිසගේ වෛරී සහගත හැසිරීමත් එකට සම්බන්ධ කරමින්, සමහර මාධ්‍යවේදීන්ට එයට අදාල නොවන වෙනත් චෝදනා ද කරමින් කරන ලද අදහස් දැක්වීම මාධ්‍යයට එරෙහිව කරන ලද දැඩි තර්ජනයක් වශයෙන් සැලකීමට සිදුවේ.

රණවිරු ලේබලයට මුවා වී ජාතිවාදය කරළියට ගෙන, අධිකරණ සංකීර්ණය තුළ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් ප‍්‍රගීත් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩු විභාගයට බාධා කිරීමෙන් බොදු බල සේනාව උත්සාහ කරන්නේ අපරාධකරුවන් හා ඔවුනට අණ දුන් නායකයින් ආරක්‍ෂා කිරීමට බව ප‍්‍රකාශ කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද එයට විරෝධය දක්වා නිවේදනයක් නිකුත් කර ඇත. ඇඹිලිපිටියේ ඝාතනය සම්බන්ධ නඩු විභාගය අවස්ථාවේ අධිකරණය තුළ දී එය වාර්තාකරමින් සිටි වාර්තාකරුවන්ගේ සටහන් පොත් උදුරාගත් පොලීසියේ නිලධාරීන් අදාල සටහන් පිටු ගලවා ආපසු භාර දීමට එරෙහිව ශී‍්‍ර ලංකා කර්තෘ සංසදය විසින්, ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කර තිබුණේ අධිකරණ සේවා කොමිෂන් සේවා සභාපතිවරයා වශයෙන් අග‍්‍ර විනිශ්චයකාරවරයාට ය. මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය අයිතිය දැඩි සේ උල්ලංඝණය කරමින් එවැනි සිදුවීමක් අධිකරණය තුළ දීම සිදුවීමට එරෙහිව දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගත යුතුව තිබිය දී, එම පැමිණිල්ල ගැන කෝපයට පත් වී සිටින බව පෙන්වූ අග‍්‍රමාත්‍යවරයා කර්තෘ සංසදය පෙර නොකළ දේ ඇති බව මතක් කරමින් අභියෝග කිරීම ඉතාමත් කණගාටුදායකය.

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට අදාල නඩු විභාගයට පමණක් නොව, පසුගිය පාලන කාලයේ සිදු වූ මහා පරිමාණ ¥ෂණ අක‍්‍රමිකතා, අතුරුදහන් කිරීම්, මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට බාධාකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති බොදු බල සේනාව සහ අනෙකුත් පුද්ගලයන් හා කණ්ඩායම්වල යටි අරමුණු ගැන සංවේදීව කටයුතු කිරීම ජනමාධ්‍යවල වගකීමක් බව සැබෑය. රණවිරු ලේබලයට මුවා වී ජාතීන් අතර, ආගම් අතර සමඟියට බාධාකාරී හා අයිතිවාසිකම් උල්ලංඝණය කෙරෙන හැසිරීම් හා වෛරී ප‍්‍රකාශ ගැන වාර්තා කිරීමේ දී වගකීම් සහගත විය යුතු බව ද සැබෑය. මාධ්‍ය භාවිතය පිළිබඳ ගැටලූකාරී තත්ත්වයන් ඇත්නම් ඒවා මාධ්‍ය ප‍්‍රජාව සමඟ සාකච්ඡුා කිරීමෙන් විසඳා ගත යුතු තත්ත්වයන්ය. ඒ වෙනුවට කර්තෘවරුන්ගේ සංසදයට හෝ මාධ්‍ය ආයතනවලට හෝ මාධ්‍යවේදීන්ට හෝ, සියල්ල එකට පටලවා ගෙන අවිචාරයේ බැන වැදීම බරපතල තර්ජනයකි. කතුවරුන්ට කතු වැකි ලිවිය යුත්තේ කුමණ සිද්ධියක් සම්බන්ධයෙන් දැයි අභියෝග කරන්නට කිසිවකුට අයිතියක් නැත. මෙසේ අවිචාරයේ මාධ්‍යයට තර්ජනය කිරීමෙන් රටේ අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් දිනා ගත හැකි දෙයක් නැත.

සීතා රංජනී                            සී. දොඩාවත්ත
කැඳවුම්කරු                             ලේකම්
2016. 01. 29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *