වෙළඳ ගිවිසුම් නැතිව භාණ්ඩ ගන්නේ කවු ද? – මහාචාර්ය රොහාන් සමරජීව

ශීත කාමර බුදුන්ගේ කාලයේ තපස්සු භල්ලු වෙළඳාමේ යනවිට විශේෂ තහංචි තිබුණේ නැත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් යටතේ ද වෙළඳාම් කළේ වී නමුත් ඒ යටතේ තිබුණේත් බරපතල නැති තහංචි ය. එය ද බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් පිට වෙළඳම් කරන එක ගැන ය. ඒවායින් බදු අය කරගන්නට රාජ්‍ය උත්සුක වූයේ ඒ ඒ රාජ්‍යයන්ගේ ආදායම වෙනුවෙනි. එසේ කළේ රැකියා උත්පාදනය යන දේවලට නොව, රජයට ආදායම් ලබා ගැනීමට ය. කාලයකට පසු ඒ සීමා පැනවීම නිසා, තවත් දෙයක් ආරම්භ විය. උදාහරණයක් හැටියට පිට රටින් ධාන්‍ය ගෙනෙන එක නැවැත්වීම තුළ, රටේ ධාන්‍ය නිෂ්පාදනය කරන ඉඩම් හිමි මහා පරිමාණ ගොවීන්ට ඉහළ මිලක් තීරණය කරගන්නට පුළුවන් විය. අද වෙළඳාම කියලා කියන්නේ ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වන ක්‍රියාවලියකට ය. ඬේවිඞ් රිකාඩෝගේ කාලයේ, එහෙමත් නැත්නම් ඇඩම් ස්මිත්ලාගේ කාලයේ, ආර්ථික විද්‍යාව ලෝකෙට බිහිවන කාලයේ මහා විවාදයක් ගියා ඔය විෂය සම්බන්ධයෙන් එංගලන්තයේ. අලුතින් නැගී එන කම්කරු පංතිය සහ කාර්මික ධනපතියෝ මේ විවාදයට මැදිහත් වූ හ. ඒගොල්ලෝ කිව්වා මොන එහෙකට ද අපි ආහාර වලට මෙතරම් වියදම් කරන්නේ කියලා. පිටින් ආහාර ආනයනය කලොත් අපිට ආහාරවල මිල අඩුකර ගන්නට පුළුවන් බව ඔවූහු පෙන්වා දුන් හ. ප්‍රතිගාමී නැත්නම් පරණ කොටස මේකට විරුද්ධව විශාල සටනක් කළ බව ආර්ථික ඉතිහාසය කියවීමෙන් දැනගත හැක.

මෙහේ වගේම, ආහාර සුරක්ෂිත බවක් තියෙන්නට ඕනේ සහ අපේ සංස්කෘතිය විනාශ වෙනවා යන, කී නොකී දේවල් පවසා ඒකට විරුද්ධව ඔවූහු දැඩි අරගලයක් කළ හ. කාල් මාක්ස් පවා ඔය ගැන ලියා තිබේ. ඕකට කියන්නේ කොන් ලෝස් කියලා. ඒ කියන්නේ ධාන්‍ය අපනයනය බද්ද පිළිබඳ විවාදය. මීට කලින් හිටියා කොල්බෙයා කියලා ප්‍රංශයේ 14 වැනි ලුවී රජුගේ ඇමති කෙනෙක්. එයාගේ තිබුණා අදහසක් රටක් වුනාම පුළුවන් තරම් අඩුවෙන් ආනයනය කරලා, පුලුවන් තරම් වැඩියෙන් අපනයනය කරලා රත්තරං ගොඩගහ ගත්තාම තමයි රටක් ශක්තිමත් වෙන්නේ කියලා. එවිට අපේ හේවායන්ට ගෙවන්නට පුළුවන් වෙනවා. ඒ වගේම අනික් මිනිස්සු අපේ බඩු ගත්තායින් පසු ඒ අය ළග රත්‍රං අඩු වේ. එවිට ඔවුන්ගේ හේවායන්ට ගෙවන්නට මුදල් නැතිවේ. ඒ අය ගෙනියලා වෙන රටවල් යටත් කරගන්නට පුළුවන් යන තර්කයක් ඔහු ගෙනාවේ ය. එය වානීජවාදය ලෙස හැඳින් වේ. වානීජවාදය කියන තර්කය ඇත්තටම දැන් ලෝකයේ නැත. ආර්ථික විද්‍යා ඉතිහාසය කියන විෂයේ දී මිස සාමාන්‍යයෙන් එය ඉගෙන ගන්නේ නැත.

ඒකට හේතුව හැම ව්‍යාපාරිකයා ම, හැම ව්‍යාපාරකකට ම, හැම කර්මාණ්තයකට ම අමු ද්‍රව්‍ය අවශ්‍ය ය. අමුද්‍රව්‍ය සපයන්නා බලන්නේ එයාගේ දෘහ්ඨි කොණයෙනි. ගුණාත්මක, තමන්ට අවශ්‍ය සහ වෙලාවට අමු ද්‍රව්‍ය සපයන අයගෙන් අමු ද්‍රව්‍ය ලබාගැනීමට ඔහු කැමති ය. ඒක ඒ අයගේ අවශ්‍යතාවය කි. තමන් ගෙයක් හදනවා නම් හොඳ බඩු, අඩු මිලකට, හොඳ කොන්ත්‍රත්කාරයෙකුගෙන් ගන්නට ගෙයක් හදන මිනිසා උත්සාහ කිරීම සාමාන්‍ය දෙයකි. අර ව්‍යාපාරිකයාද කරන්නේ එයම ය. එතකොට ඒක තමන්ගේ රටේ තියෙනවා ද ? නැත් ද? කියන එක එයාට අදාළ නැත. එයාට අදාළ වෙන්නේ ඒක මට සපයනවාද යන්න ය. මට මේක විශ්වාසදායක ලෙස සපයනවා ද යන්න ය. එතකොට මොනයම් හෝ ක්‍රමයකින් ගෙනෙන දෙයක් ගැන, ඒ වියදමත් සමගයි ඔහු ඒක ගන්නේ. වියදමත් එක්ක දේශිය දෙයකට වඩා තරගකාරී නම් එයා කැමති විදේශ දෙයට ය. විදේශිය දේවල් නැත්නම් ඕවා ජපන් බඩු කියලා, අපේ අම්මලා මුත්තලා තමයි ඒවා ප්‍රතික්ෂේප කළේ. දැන් ඒ බඩු අපේ ඔලුව උඩ තියලා අපි අරන් යන්නේ. ඒ දවස් වල ඒ අය කිව්වා ජපන් බඩු හොඳ නෑ කියලා. ඔය සංස්කෘතික දේවල් තියෙනවා අපේ සිල්ලර මට්ටමෙන්. නමුත් අර ව්‍යාපාරිකයින්ගේ ලෝකේ ඒක නැත. ගුණාත්මක බඩු හොඳ මිලකට විශ්වසනීය ආකාරයට ලබාගන්න කවුරුත් කැමති ය. ඉතින් එහෙම බැලුවම ඒ අය අපනයනවලටත්, කැමතිය. ඒ කියන්නේ අපනයන වලට මෙන්ම ආනයන වලටත් ඒ අය කැමති ය. දැන් අර කොල්බෙයා වගේ අය අපනයනයට විතරයි කැමති. මේ ආනයනයට තමයි මතභේද තිබෙන්නේ. ඒකට කියනවා සියරට දේ සිරිසැප දේ කියලා.

නියම වශයෙන් අපනයනයේ යෙදෙන කෙනෙක් ආනයනය කරනවා. ඒ අය අහන්නේ මං කොහොමද අපනයනය කරන්නේ ආනයනය නොකර කියලා. උදාහරණයට ගතහොත් ඇඳුම් අපනයනය කරන්නේ කොහොමද සිප් නැතිව. සාමාන්‍ය කෙනෙක් දන්නවා කොපමණ හොඳ කලිසමක් වූවත්. සමහර වෙලාවට සිප් එක කැඩිලා නිසා කලිසම පාවිච්චියට ගන්නට නොහැක. එසේ වන්නේ අඩු මිල සිප් එකක් නිසා ය. එහෙම නැතිව හොඳම සිප් එක, හොඳම මිලට කොරියාවෙන් නැත්නම්, කොහෙන් හරි ගේනවා නම් ඒ මිනිසා ඒ සිප් එක ගන්නවා. පාරිභෝගිකයා ද ඒක කල්පනා කරනවා. අනික මිල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා පාරිභෝගිකයාට. අඩු මිලට ලැබෙනවා නම් ඔහු විරුද්ධ වන්නේ ඇයිද යන ප්‍රශ්නය මට තිබේ. පාරිහෝගිකයා කැමති අඩු මිලට ලබාගන්නට ය. එක තමයි මේ ගිවිසුම් පිළිබඳව ඇති විවාදයේ පදනම්.

මේ විවාදයේ පදනම් වන භාණ්ඩ ගත්තාම දෙවැනි ලෝක යුද්ධයට කලින් විශාල ආරක්ෂණවාදි වැටවල් ගැහුවා. එක එක රටවල් අනික් අයට විරුද්ධව තරගකාරීව ආර්ථික ආරක්ෂණ වලලු ගැසුවේ ය. දැන් ඔය ඇමෙරිකාවේ ඩොනල්ඞ් රම්සේ කියලා තිබුණා. චීනයෙන් එන හැම එකකටම 45%ක් බදු ගහන්ට ඕනේ කියලා. ඒ කියන්නේ ආරක්ෂණවාදි බද්දක්. ඒක පිස්සු කථාවක්. නමුත් සාමාන්‍යයෙන් ලෝකයේ ඒක කරන්නට පුළුවන් දෙයක් නොවේ. මක්නිසා ද යත් ජාත්‍යාන්තර ගිවිසුම් මගින් ඒවා අඩු වැඩි කරන නිදහස රාජ්‍යයන් වලින් ඉවත්කර තිබේ. ඔය ලෝක වෙළඳ සංවිධානය ආරම්භ කළේ 1947 දී ය. ශ්‍රී ලංකාව ඒකේ ආරම්භක සාමාජිකයෙකි. අපි ඔය ගිවිසුම් සියල්ලටම වගේ අත්සන්කර ඇත.

එතකොට අපිට තිබෙනවා යම් යම් සීමාවන්. අපි දියුණුවන රටක් නිසා අපිට ගොඩාක්ම ඉඩකඩ ඇහිරිලා නෑ. නමුත් අඩුකරන්නට පුළුවන් තීරුබදු දැනට අඩුකරලා තිබෙන්නේ. අපි අලවලට වගේ දේවලට ගහන බදු උදාහරණයට ගන්නට පුළුවන. වෙනත් විදියකින් කියනවා නම් පාරිභෝග්ිකයින්ට වැඩිමිලට ගන්නට කියලා තීරුබදු ගහන්නේ. ඒ සමගම ආණ්ඩුව ඒවායින් ආදායමක් ද ගණු ලැබේ. වෙළඳාමෙන් අද බදු ගැනම නොවෙයි ගැටළුව තියෙන්නේ. තීරුබදු නොවන බාධක කියන එක උදාහරණයකින් පෙන්නන්නට පුළුවන. ලංකාවෙන් සොසේජස් කන්ටේනරයක් ඉන්දියාවේ චෙන්නායි වරායට යැවූ විට ඒ අය මෙසේ කියති. ලංකාවෙන් ගෙනා නිසා ඒකේ තත්ත්ව සහතික ඉදිරිපත් කළ යුතුවේ. මේක සෑම රටකම තිබෙන බාධාකාරි දෙයකි. කිසියම් රටකින් ආහාර ගෙන්නනවා නම් එයට තත්ත්ව සහතිකයක් ඉදිරිපත් කළ යුතු වේ. ඒක කෙරෙන්නේ පර්යේෂණාගාරයක පරික්ෂණයකින් පසුව ය. මෙහි දී අපේ රටෙන් නිකුත් කළ සහතිකය පිළිනොගන්නට බොහෝදුරට ඉඩතිබේ. ඒ නිසා ඒකට එහේ පර්යේෂණාගාරයකින් තත්ත්ව සහතියකයක් ලබාගැනීමට සිදුවනු ඇත.

සමහර විට ඒ පර්යේෂණාගාරය කිලෝමීටර් දෙතුන් සීයයක් ඈතක තිබෙන්නට පුළුවන. මේ සොසේජස් සාම්පලයක් අරගෙන ගොස් එහි පර්යේෂණාගාරයකින් සහතිකයක් ගන්නට සිදුවේ. ඒ සහතිකය අරගෙන චෙන්නායිවලට එනවිට සොසේජස්වල තත්ත්වයට හානිවෙන්නට ද පුළුවන. ඒක කිහිපවතාවක් සිදු වූ පසු ඒ මිනිහා සෙසෛ්ජස් හැදිල්ල පැත්තකට දමනු ඇත. මෙකට තමයි බදු නොවන බාධා කියලා කියන්නේ. සචේතනිකව මෙන්ම අචේතනිකව ද බදු හගනවා වෙන්නට පුළුවන. ඒ කියන්නේ පැහැදිළි නීතියක් මේකට හඳුන්වා දී නැත. ඒක ඉන්දියාවේ වරදකි. ඉන්දියාවේ ගිවිසුමට පක්ෂ මම තමයි එය කථාව මුලින්ම කිව්වේ. මේක ඉතා අසාධාරණයක් බව නිළධාරින් කියනු ඇත. එවිට ඉන්දියාව ඒ පරික්ෂණ චෙන්නායිවල දී ම කිරීමට පහසුකම් සළසන්නට පුළුවන. ඒක අර තරම්ම නරක නැත. නමුත් ඒක ද අපනයනකරුවන්ට අනවශ්‍ය ප්‍රමාදයකි. එතකොට අර වෙරිටේජ් රිසර්ච් කියන ආයතනය අපේ අපනයනකරුවන් සමග මේ ගැන ගැඹුරු සාකච්ඡාවක් කරලා කිව්වා මේක නොවෙයි කරන්නට ඕනේ කියලා. මේකට ඉදිරිපියවරක් ලෙස, ලංකාවේ පර්යේෂණ ආයතන සහතික කරනවා ඉන්දියාව. ඉන්දියාවේ පර්යේෂණ ආයතන පිළිගන්නවා ලංකාවේ පර්යේෂණ ආයතන. එතකොට ලංකාවේ සහතිකය ඉන්දියාව පිළිගන්නා අතර ඉන්දියාවේ සහතික ලංකාව පිළිගනී. එතකොට ඔය දෙවැනි වියදමක් දෙවැනි කරදරයත් පහව යනු ඇත. දැන් අර මුලින් කළ ආකාරයටම අපේ සහතිකය පෙන්වා සොසේජස් ටික වෙළඳපොලට යැවිය හැක.

ඒවා තමයි ප්‍රශ්න විසඳන ක්‍රම. ඒක මුලදී කියන්නට පුළුවන් ආරවුලක් කියලා. ඒ ආරවුල නිරාකරණය කරන ක්‍රමයක් තිබෙනවා. ආරවුලක් නැති වූවත් සාක්ෂි හා දත්ත ඉදිරිපත් කර ඒ බදු නොවන බාධක ජයගත හැක. දැන් ලංකාවේ ආර්ථිකය ගත් කළ 50%ට වැඩිය ඇත්තේ සේවා ආර්ථිකයකි. අපේ කර්මාන්තමය නිෂ්පාදන අඩු ය. අපේ කෘෂි නිෂ්පාදනත් අඩු ය. අපේ පළවෙනි නිෂ්පාදනය ඇගලුම් ය. ඇගලුම් කියන්නෙත් ඉතා සුළු වශයෙන් නිෂ්පාදනය කරන දෙයකි. මේ කර්මාන්තයේ හුගක් දේ ආනයනය කර නිමි භාණ්ඩ ලෙසයි අපනයනය කරන්නේ. දෙවැනියට එන්නේ තේ. අනික සුළු ප්‍රමාණයෙන් මෘදුකාංග සහ බී. පී ඕ කර්මාන්තය වැනි දේ ය. ගණන් හැදීමේ ප්‍රශ්නය මත භාණ්ඩවල දත්ත තමයි අපිට විශ්වාස. භාණ්ඩ යන්නේ එක්කෝ ගුවන් තොටුපලෙන්. නැතිනම් වරායෙනි. එතන ගණන් හැදීමේ, වාර්තා තැබීමේ චිරාගත සම්ප්‍රදායක් තිබේ. ආර්ථික විද්‍යාව පටන් ගන්නේ ගණන්වලට කුමක් කරන්නේ ද යන්නෙනි. ඒ ඉලක්කම් තියෙන්නේ බදු ගැනීම උදෙසා ය. නමුත් සේවාව කියන්නේ අමුතු ආකාරයේ එකකට ය. වෙළඳ ගිවිසුම් සමග බැඳී ඇති සේවා ආර්ථිකය ගැන දැන් විවාදයක් හටගෙන ඇත. මේ තුළ අපේ වෘත්තිකයින්ට රැකියා නැතිවන බවට කථාවක් ද ඇත. ඊ ළග කොටසේ දී ඒ ගැන සාකච්ඡා කරමු.

සාකච්චා සටහන

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *