බැංකු ණය වාරික අය නොකරන සහන කාලය සඳහා පොලී අය කරන්නත් බෑ – මහ බැංකුවේ සහකාර අධිපති විවෙට් ප්‍රනාන්දු

වාණිජ බැංකුවලින් හා මුල්‍ය ආයතනවලින් ගත්  ණය සඳහා වාරික අය නොකරන සහන කාලය සඳහා පොලී අයකිරීමට ද ඉඩ දී නැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනි විවෙට් ප්‍රනාන්දු මහත්මිය අද ප්‍රකාස කළේ ය.

මහා බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව බැංකු කළ යුතු වන්නේ ණය වාරික අය කිරීම අවම මාස දෙකේ සිට උපරිම මාස හය දක්වා කාලයකට අත් හිටුවීමයි . ඉන්පසුව ඉදිරි මාසවල අය කළ යුත්තේ මෙතෙක් ගෙවාගෙන ආ වාරිකය යි. වාරික ගෙවීම අත්හිටවූ මාස සඳහා ගෙවීම අවසන්වීමට නියමිතව තිබු මාසයේ සිට ඉදිරියට එම වාරිකය එම මාස  කිහිපයට සමාන කාලයක දී  අයකිරීම කළයුතු ය.

මෙය මහ බැංකුව දී ඇති උපදේශයක් නොවන බවත් විධානයක් බවත් අය වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය. බැංකු කළමනාකරුවන්ට මේ පිළිබඳව නිසි අවබෝධයක් තව ම  නැති බව හා ඔවුන් ඒ පිළිබඳව දැනුවත් කළ යුතු බව ද මහ බැංකු සහකාර අධිපති තුමිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

අඩ්වෝකාටා ආයතනය සංවිධානය කොට තිබු අන්තර්ජාල සමුළුවකට සහභාගීවෙමින් ඇය මෙම කරුණු අනාවරණය කළේය. කොවිඩ් වසංගතය නිසා බැංකු ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් මෙම සමුළුව අද (මැයි 1 දා )පැවැත්විණ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *