මහජන අදහස් 942ක් දැනට ලැබී තියෙනවා- ලාල් විජේනායක

නව ව්‍යවස්ථාවක් සඳහා දැනට යෝජනා 942ක් මහජනයාගෙන් ලැබී ඇතිබව, නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනීමේ කොමිසමේ සභාපති ලාල් විජේනායක මහතා යුක්තිය කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේ ය. මේ යෝජනා 942ට වාචික 254, ලිඛිත 218, ඊ මේල් මගින් 400, සහ ෆැක්ස් 70 ඇතුලත් බව පැවසූ විජේනායක මහතා, දැනට ලැබී ඇති සාක්ෂි, විමර්ෂණය කරමින් සිටින බව ද වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
දැනගන්නට ඇති ආකාරයට ලැබී ඇති යෝජනාවලට අනුව වැඩිදෙනාගේ අදහස වී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයකට නොව නව ව්‍යවස්ථාවකට ය යුතු බවය  කොමිසම පෙබරවාරි මස 01සහ 02 යන දිනයන් වල මහනුවර සහ ගම්පහ යන දිස්ත්‍රික දෙකේ සාක්ෂි විමසීමට නියමිත ය. මාතලේ දිස්ත්‍රික්කයේ සාක්ෂි විමසීම පෙබරවාරි 03වෙනිදාට යෙදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *