කරන දේ පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව නොකළොත් ඔක්කොටම වෙන්නේ හිරේ යන්න – එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ


COVI – 19 මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වී තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් ඇතිවී තිබෙන තත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය බලතල සියල්ලක්ම නීතිමය වශයෙන් සම්මත කර දීමට හැකි වෙතැයි ද, පාර්ලිමේන්තුව යළි කැඳ වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා යැයි ද එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හමුවේ බදාදා (29) ප්‍රකාශ කළේය. 

මේ අවස්ථාවේදී සම්ප්‍රදායානුකුලව පාර්ලිමේන්තුව කැඳවීමක් අවශ්‍ය නොවන අතර මන්ත්‍රී වරුන් 224න් ඝණ පුරණයට අවශ්‍ විසි දෙනා පමණක් කැඳවීම ප්‍රමාණවත් බව ද රනිල් වික්‍රමසිංහ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කළේය. 

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, කොල්ලුපිටියේ 5 වැනි පටුමගේ පිහිටි සිය නිවසට පැමිණ සිටී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමිනි. 

පාර්ලිමේන්තුවේ ඝණ පූරණයට අවශ්‍ය මන්ත්‍රීවරුන් විසි දෙනා කැඳවීමෙන් පසු වසංගතයට මුහුණ දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර පැයකින් පමණ පාර්ලිමේන්තුව අවසන් කිරීමේ ඉඩකඩ ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා විස්තර කර සිටියේය.

පාර්ලිමේන්තුව සම්මත කරන නීති රීති බලගැන්වීමට අදාළව එම නීතිරීති දෙවැනි වර කියවීම සඳහා ඒ ආකාරයටම පාර්ලිමේන්තු රැස්වීම පැයකට සීමා කළහැකි යැයිද පෙන්වාදුන් රනිල් වික්‍රමසිංහ මහතා, හදිසි තත්ත්වයට මුහුණදීම සඳහා කැඳ වන පාර්ලිමේන්තුවේ සාකච්ජා කරන කරුණු ඊට පෙර පක්‍ෂ නායකයන්ට වෙනම රැස්වී තීරණය කළ හැකි බව ද එම කරුණුවලට පරිභාහිරව කිසිවක් කතා නොකිරීමට විපක්ෂයට හැකි යැයිද සඳහන් කළේය.

කොරෝනා වසංගතය ඇරැඹෙන අවස්ථාවේදීම එංගලන්තය සහ යුරෝපිය රටවල් කීපයක්ම ඒ රටවල පාර්ලිමේන්තු රැස් කර අවශ්‍ය නීති සම්මත කර ගනිමින් වසංගතයට මුහුණ දීම සඳහා බලතල සම්පාදනය කර ගත් ආකාරය පිළිබඳව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මන්ත්‍රීවරුන්ට විස්තර කළේය.

(සුජිත් මංගල ද සිල්වා)

LANKANEWSWEEK
 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *