ප‍්‍රගීත් අතුරුදහන් කිරීම රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ අනුදැනුමෙන්, ඔහුගේ සහෝදරයා අණ දුන් සිදුවීමක්. – සුජිත් අක්කරවත්ත.

ප‍්‍රගීත් එක්නැලිගොඩ කියන්නෙ මේ රටේ සමාජ මතමාන ව්‍යාපාරයේ දිගු අත්දැකීමක් තිබුණු, බුදු දහමේ කියැවෙන පිරිදි නිස්සරණඅධ්‍යාශයෙන්, තමන්ගේ කියල කිසිවක් අපේක්‍ෂා නොකර සමාජ විමුක්තිය සහ සමාජ මුක්තිය සාධනය කර ගැනීමේ සාධු චේතනාවෙන් කටයුතු කරපු ලේඛකයෙක්, නිර්මාණ ශිල්පියෙක්. ඔහු මට මුණගැසෙන්නේ ලංකාවේ ඝණදුරු දශකය කියල නම් කරන, 2005 සිට 2015 දක්වා ගෙවා දැමූ අන්ධකාර දශකය තුළ. ඔහු සාමාජය නිරතව ප‍්‍රශ්න කරන්න  ඕන, ඒ සඳහා පළමුව කළ යුත්තේ ලංකාවේ මතවදා දෘෂ්ඨීය මේ තියෙන තැනින් ඈතට විහිදුවන එක කියල කල්පනා කරපු පුද්ගලයෙක්. බොහෝ අය සටන් බිමට ආවේ පුද්ගලික වෛර මුල් කරගන, එහෙමත් නැත්නම් පුද්ගලික බල අපේක්‍ෂා සහ අරමුණු මුදුන්පත් කරගැනීම සඳහායි. එහෙත් අපි 2005 දී මුහුණ දුන් ලංකාවේ දේශපාලන බලයේ තිබිච්ච බරපතල වෙනස හුදු සැහැල්ලූ පුද්ගල ව්‍යායාම වලින්, වෙනස් කරන්න බැහැ කියල හිතපු, ඒ සඳහා ස්ව සිරුරෙන්මත්, හැ`ගීමෙන්මත් කටයුතු කරපු චරිතයක් තමයි එක්නැලිගිගොඩ.

අපිත් නව සිතුම් පැතුම් සොයමින් සිටින කාලයක්, අපි සමාජ ව්‍යාපාරවල, සාහිත්‍ය කතිකාවල හිටියා. අපි මොන පිල් ඇතුළෙ, මොන මතවාද නියෝජනය කළත්, මනුෂ්‍යත්වය පිළිබඳ උත්තර හැ`ගීමක් සහ සෙනෙහයකින් කටයුතු කළා. මේ සියල්ල අළු ¥ලි කරමින් ලංකාවෙ මිනිස්සුන්ට තවදුරටත් වාමාංශික, දක්‍ෂිණාංශික, ජාතික වාදී, මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී බෙදුම් රේඛා ඇතුළෙ කූඩාරම් තනාගෙන ඉන්න බැරි වකවානුවකට 2005 ලංකාව සමාජ ඇරෙන්න පටන් ගත්තා.  එහි උග‍්‍රස්ථානයකට 2006, 2007 වන විට පැමිණෙමින් තිබුණා. මම හිතන විදිහට මේක මුලින්ම ඉව කරපු පුද්ගලයෙක් ප‍්‍රගීත් එක්නැලිගොඩ. එයා පළමුව කරපු වැදගත් දෙයක් ලංකා දාර්ශනික අවකාශය පුලූල් කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ගත්ත එක. දාර්ශනික තලයේ ලිපි, සාකච්ඡුා, චිත‍්‍ර කාටුන් වැනි විවිධ පැති, මාර්ග සොයා ගත්තා. වාසනාවකට මොහු තුළ සයිබර් තාක්‍ෂණය ඉතාම විචක්‍ෂණව හසුරවන්න පුළුවන් ශීල්පියෙක් බවට ඉතාම වේලාසනින් පත්වුණා. ඒක පුදුමයක්. සයිබර් තාක්‍ෂණය ලංකා සමාජයේ ඉගෙන ගනිමින් සිටිනේ මේ වකවානුවෙයි. නමුත් ප‍්‍රගීත් එක්නැලිගොඩ කියන චරිතය 2005 වන විට ඉතාම විචක්‍ෂණ සයිබර් තාක්‍ෂණයේ ඉහළට පැමිණි ශිල්පියෙක් බවට පත් වුණා. මේ ගණඳුරු අන්දකාර දශකය බිඳ හෙළීම සඳහා සයිබර් අවකාශය තුළ සයිබර් කැරැුල්ලක් පටන් ගත්තා. ඒක හු`ගක් අයට දැනුනෙ පහුවෙලා. අපිට ප‍්‍රගීත් එක්නැලිගොඩ මුණ ගැහෙන්නේ 2006 දී. ඒ වනවිට ඔහුගේ මතවාදී අවකාශය නව දාර්ශනික විකසිත භාවයකින් පූර්ණ වෙලා හිටියෙ. ඒ වගේම ඔහු ඉතා සරල සුන්දර මනුස්සයෙක්. ඔහුට පුද්ගලික වූ ලෝකයක් තනා ගැනීමේ වුවමනාවක්, සිහිනයක් තිබුණෙ නැහැ. එය අපි හොඳටම දැනගෙන හිටියා. ඔහුගේ කටයුත්ත බොහෝ අයට බරපතල ලෙස පෙනුනේ නැහැ. එක අතකින් ඒක හොඳ වාසියකුත් වුණා මේ සමාජ කාර්යභාරය ඔහුට කරන්න.

මම හිතන්නේ ප‍්‍රගීන් එක්නැලිගොඩ 2010 ජනවාරි 27 වෙනිදා අතුරුදහන් කරන්න සිද්ධිය ඉතාම දෛවොපාගත සිද්ධියක්.  බුදුරජාණන් වහන්සේ  ලංකාවට වැඩමකරවන ලද ප‍්‍රධාන භූමියෙන් එකක් කැළණිය රජ මහා විහාරය, එහි සිට නික්මෙන මොහොතේ තමයි, ඒ වකවානුවේ තිබුණ බෞද්ධ පේ‍්‍රමි ආණ්ඩුව විසින් ඔහුව ඔසවාගෙන යන්නෙ. ඊට පෙර ඔහු එකවතාවක් එවැනි අතුරුදහන් වීමකට ලක් කෙරුවා. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ මතකයට මම යන්නම්. මේක සමාජයේ සිදුවීමක් කරන්න මමත් මෙතැන ඉන්න හැමෝමත් විශාල අරගලයක් කළා. ප‍්‍රගීත් සොයාගැනීමේ අරගලයම අපිත් අතුරුදහන් වීමේ අරගලයක් බවට පත් වුණා. ප‍්‍රගීන් වැනි වටිනා හිසක්, වටිනා මතයක්. ඒ වගේම මත තියෙන්න පුලූවන්, මිනිස්සුන්ට හැ`ගීම් තියෙන්න පුළුවන්. ඒ හැ`ගීම් වෙනුවෙන් ජීවිතය පුරා සටන් කරන මිනිස්සු බොහොම අඩුයි. ක‍්‍රියාවත්, වචනත් දෙකක් තිබෙන මිනිස්සු ඉන්න සමාජයක ඒක හරිම දුර්ලභයි.
දුර්ලභ පාණ්ඩිත්වයක් ඔහුට තිබුණා. ඔහු මාක්සවාදය ගැන විශාල කියවීමක් තිබුණු, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ලිබරල්වාදය, බරහිර දැනුම් පද්ධතිය පිළිබඳ අවබෝධයක් තිබුණ වගේ ප‍්‍රගීත්ගෙ පසුකාලීන අවදිය, අතුරුදහන් වන අවධියෙ ඉතාම මැනවින් සිංහල ජනවිඥානය, ජාතික සංස්කෘතිය හා ලංකාවේ බුදු දහමත් එක්ක බැඳුණු ජාතික ජනවිඥානය ඉතාම මැදහත් කියවීමකට ඔහු තිබුණ එක තමයි අපි දැකපු ඉතාම වැදගත් ලක්‍ෂණය. සමාජය ගැන ඉතාම පුළුල්, සාරවත් මනසකින් කල්පනා කරන පුරවැසි සමාජයක් බවට පත් කර ගන්න නම්, අපේ රටේ ජාතික සංස්කෘතිය පිළිබඳ නිසි අවබෝධයක් අපට තිබිය යුතුයි. ඒ නිසා අවබෝධය කියන්නේ අපි දකින මුග්ධ ඝාතනයවත්, අපි දකින මුග්ධ ජාතික ව්‍යාපාරවත් නෙවෙයි ලංකාවේ සැබෑ පිබිදුනු ජාතික හරය පිළිබඳ අවබෝධය. ප‍්‍රගීත් එක්නැලිගොඩගෙ විශ්ලේෂණය තමයි 2005,  2006, 2007 අවුරුදු 3 තුළ වේගයෙන් පාලි සාහිත්‍ය, සංස්කෘත සාහිත්‍ය, මහා වංශය, ථූප වංශය ඉඳලා රසවාහිනිය, අමාවතුර දක්වා ලොකු කියවීමක් ඇති කරගත්තා. ඒ කියවීම තුළ ඔහුට පුළුවන් වුණා අපේ රටේ චූල මතවාද වලට හිරවෙලා ඉන්න සිංහල ජාතික මතවාදය පුළුල් කරන්න. එය ප‍්‍රසාරණය කරන තැනට ඔහු ගමන් කරමින් තිබුණා. මම දන්නවා ප‍්‍රගීත් එක්නැලිගොඩ ඔවසාගෙන ගියාම ඔහුගේ මතකය, ඔහු දිනාගැනීමේ සටන කූඨප‍්‍රාප්ත කර ගැනීමට ප‍්‍රධාන බාධා හතරක් අපිට ආවා. ඒ තමා ප‍්‍රගීත් පිළිබඳ ඇති කරපු මතවාද හතර.

මම ඒ මතවාද හතර පැහැදිලි කරන්නම්. පිරිසක් කියන්න ගත්තා ප‍්‍රගීත් එක්නැලිගොඩ ස්වයංසිද්ධව අතුරුදහන් වෙලා කියල. ඔහු විසින්ම ඔහු අතුරුදහන් කරගෙන ඉන්නවා කියල. මේක බරපතල විදිහට ප‍්‍රගීත්ගෙ පිලේ අයත් පිළිගන්න තත්ත්වයකට පත්වුණා. ඒක බරපතල මිත්‍යාවක්. ඒ මිත්‍යාව දැන් හෙළිවෙලා තියෙනව. අපේ මිතුරු හමුවලදී, අපිත් එක්ක වැඩකරන අය, ක‍්‍රියාදරයන්, එක්නැලිගොඩගෙ සමකාලීන සගයන් මේ අන්ධකාර භූත මතය විශ්වාස කරන්නත්, එ විශ්වාසය ඇතුළෙ ගල්්ගැහී ඒ මතකය අමතක වෙන්නත් ඉඩ හසර ඇති වෙමින් තිබුණ. මම හිතන්නෙ. දැනුවත්ව කළා නෙමෙයි. සමහර අය නොදැනුවත්ම එහෙම විශ්වාස කළා.

දෙවෙනි අපරාධය තමයි, ලංකාවේ මතමාන හදන සමාජය පිරිසක්  කියන්න ගත්තා ප‍්‍රගීත් වැනි මිනිසෙක් කුමක් සඳහා අතුරුදහන් කරන්නද? මොකක්ද රජයකට ඒකෙන් තියෙන ඵලය? අපි දන්නවා තාරකීව අතුරුදහන් කෙරුවා. (සිවරාම් මාධ්‍යවේදියා* ඒ පිළිබඳව ලොකු හඬක් සමාජයේ ආවා. අතුරු දහන් කරන්න පුළුවන්, මරා දමන්න පුළුවන් සිවරාම් හරි සීරියස් චරිතයක් විදිහට මතවාදී සමාජයේ මතයක් තිබුණ.   ඒ ගැන ප‍්‍රශ්න කෙරුවෙ නැහැ. ලසන්ත වික‍්‍රමතුංගයන් ඝාතය වුණාම එය ලොකු සිද්ධියක්. එහෙම ඝාතනය කරන් හේතු නිමිත්තක් ඇතැයි, සමාජයේ මත හදන පිරිසට තිබුණා. ප‍්‍රගීත් අතුරුදහන් වුණාම එක් පැත්තකින් මතයක් හැදුණා ඔහු අතුරු දහන් කරන්න තරම් වටිනා මිනිහෙක් ද කියන ප‍්‍රශ්නාර්ථය සමහර අය ප‍්‍රශ්න කරන්න ගත්තා. ඒක ලංකාවේ තියෙන පොදු කුහකකමේ ප‍්‍රශ්නයක්. අපේම සටන් සගයො ඒ මත හැදෙන්න පෙළඹුවේ. ඒක කුහක කමද? නොදැනුවත්කමද? නැත්නම් ඒ වෙලාවෙ තිබුණු බරපතල රෙජිමයේ අඬු ලංකාවේ මත සකසන ස්වෛරී මිනිස්සු ඇතුළෙත් ගිලා තිබුණා. ඒ අඬුබඩු වලින් හැදිච්ච මතයක් ද කියන්න මම දනනෙ නැහැ. මේ දෙවෙනි මතයත් විශාල බලපෑමක් කෙරුවා. එය එක්නැලිගොඩ සොයායාමේ මාර්ගයට යෝධ බාධාවක් ලෙස මේ මාර්ගය මත ඉඳගත්තා.

තුන්වෙන මතය තමයි ලංකාවේ පක්‍ෂ මේ වන විට පත්වෙලා තියෙන ඉතාමත් ගැටුම්කාරී තත්ත්වයක් මත මේ අතුරුදහන්වීම චම්පික රණවක ඇමතිවරයාට බැර කෙරුවා. ඒ අතුරුදහන් කළ නියමිත අය කවුදැයි නැතුව දේශපාලන ප‍්‍රශ්නයක් මත එහෙම බැර කළා. මේකෙන් සෑහෙන්න කාලයක් නඩත්තු වුණා. ප‍්‍රගීත් හොයන්නෙ නැතුව අතුරුදහන් කළේ අහවලා කියලා ඔහු මත යැපුණා. ඒකත් දැන් මිත්‍යාවක් බවට පත්වෙලා තියෙනව. ඒකත් අපට විශාල බලපෑමක් වුණා ප‍්‍රගීත් සොයායෑමේ අරගලය කිරීමට. මම සයිබර් අවකාශයට යන්න ඉස්සරවෙලා ප‍්‍රගීත් ලියන ලිපි සියල්ල කියවපු කෙනෙක්. ඔහු අපිත් එක්ක, සහමිත‍්‍ර සත්ජන සමාජයත්,  ජාතික විද්වත් මණ්ඩලය ලංකාවේ විද්වතුන් ලංකාවේ දේශපාලනය නිවැරදි දිශාවට තල්ලූ කළ යුතුයි කියන තීරණය අරගෙන පටන් ගන්නකොට මුල්පෙළේම අපේ හයිය පරපුර වුණේ එක්නැලිගොඩ. ඔහු තමයි මෙහි සංවිධාන ව්‍යුහය සැදීම සම්බන්ධව එකම ශක්තිමත් ආත්මීය සටන් සගය වුණේ. ලංකාවේ සියළු පෙරමුණු බිඳවැටිල තිබුණ. ලංකාවේ පසුකාලීන විද්වත් සිවිල් පුරවැසි සමාජයත්, ලංකාවේ දේශපාලන දිසානතිය වෙනස් කරන තැනට ඉලක්ක ගත වෙලා සාමුහික ගත වෙන කළල බීජය ඇති වෙන්නෙ මෙතනින් තමයි. ඒ වගේම ඔහු ඉතාම නිර්භයව දකිනන් සිටින දෙයක් තිබුණා. ලංකාවේ දේශපාලන වෙනස කරන්න ‘එක්සත් ජාතික පක්‍ෂයේ මතවාදී හිස හැරිතැනට තහවුරු කරන්න  ඕනැ’ කියල ඔහු නිර්දයව විවේචනය කෙරුව. ඔහු ලැජ්ජවෙලා, හැං`ගිලා වැඩ කරපු චරිතයකුත් නෙමෙයි.

අපිට හතරවෙනි මතයක් ආවා. ලංකාවේ මාධ්‍ය සමාජයේ, ලංකාවේ ලියන සමාජයේ ප‍්‍රගීත් තමන්ගේ සගයෙක් ලෙස හඬ නගන්න යම් මැලිකමකට ලක් වුණා. ලංකාවේ රාජපක්‍ෂ රෙජිමය ප‍්‍රශ්න කරන පක්‍ෂ ඔවුන්ගේ න්‍යායපත‍්‍රයේ පළවෙනි හඬනැගීම ‘ප‍්‍රගීත් වෙනුවෙන් ජීවිතය ඉල්ලා සිටීමට’ පසුබට වුණා. අතුරුදහන් වීම සම්බන්ධ පසුගිය පාර්ලිමේන්තු කතා නැවත විමර්ශනය කළොත් ඒක දැක ගන්න පුළුවන්.
මේ කරුණු හතරේ ඇතුළෙ ප‍්‍රගීත් සොයා යන ඔබ අප හැම අසරණ වුණා, ඒ අවුළුවන්න. එයට සහයක් දෙන්න. ඒක විශාල ප‍්‍රශ්නයක් අපි වගේ ස්වාධීන ස්වෛරි මිනිසු  සමුදායක් ඉතා අසීරුවෙන් මේ අරගල කළා. මේ හැම කාටුන් චිත‍්‍රයක්ම අඳින බොහෝ තැන්වල අපි හිටියා මේ කිසි දෙයක් නොනැසී මේ අවුරුදු හය ඇතුළෙ සමාජෙට අරන් යන්න කටයුතු කළා. ඒක විශ්ව සිද්ධියක්. ලංකාවේ ගෝලීය සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට හඬ නගන සිද්ධියක් බවට පතකර ගන්න අපිට පුළුවන් වුණා.

ලංකාවේ හැමෝගෙම මතවාදී අවකාශය ප‍්‍රශ්න කරන්න, පුළුල් කරන්න ප‍්‍රගිත් කටයුතු කෙරුවා. ප‍්‍රගීත්ගෙ ලිපි එක වෙළුම් ප‍්‍රමාණයක් අද එළිදක්වනවා. ‘ඉබි තටුවෙන් පියාඹන්න’ කෘතියේ ඔබට එය පසක් කරගන්න පුළුවන්. ප‍්‍රගීත් කියන්නෙ හුදු සමාජ දේශපාලන වෙනසක් වෙනුවෙන්, රජපක්‍ෂ මැතිතුමාවත්, ඔහුගේ පාලක කල්ලියත් නිර්දය, කටුක, අමූලික, ලාමක විවේචනවලට භාජනය කරපු මාධ්‍යවේදියෙක් නෙමෙයි. ඉතා නිර්භයව පාදමේ සිට, දර්ශනයේ සිට, මතවාදයේ සිට එම ක‍්‍රමයත්, එම ක‍්‍රමයට පිටු දුන් මතවාදයත් ප‍්‍රශ්න කරපු චරිතයක්. ඔහුගේ ලිපි සර්වකාලීන අගයක් සහිත ලංකාව හෝ විෂය පද්ධතින් ගණනාවක් අලලා ලියැවුණු සාරගර්භ ලිපි ලෙසයි අපි දකින්නෙ. මෙවැනි චරිතයක් කෙසේවත් අමතක වෙන්න දෙන්න බැහැ. මේ චරිතය ලංකාවේ මතයේ මුදුණටම එනවා. ධර්මානුකූලව කියනවා නම්, ‘ඔහු සීලයක් වගේ තමනගේ කාර්ය කරපු චරිතයක්.’ ඒ වෙනුවෙන්ම නිමග්න වෙලා, ඒ වෙනුවෙන්ම  කැප වෙලා ඒ කාර්ය කෙරුවා. පුද්ගලයො වශයෙන් ඉර්ෂ්‍යාවක්, අනිත් අය සමග ගහඅඬගැනීමක්වත් නොවෙයි ඔහු කෙරුවෙ. ඔහුගේ ලිපි වලින් යම් කිසි කෙනෙක් නිර්දය ලෙස විවේචනට ලක් වුණා නම් ලක්වුනේ ඔහු දුටු අරමුණ ඇතුළෙ.

අපි ඒ ඝනඳුරු දශකය නිමා කරල ඉන්නෙ. අපි ලංකාවේ දේශපාලනය පරිවර්තනයක් කරගත්තා. පළමු දේ තමයි අතුරු දහන් වෙන්නෙ නැතිව  තමන් රිසිසේ දැක්වූ මතවාදය ලියා ගන්න අවශ්‍ය ඉඩ, වෙනස ඇති කරගන්න එක. ප‍්‍රගීත් අපි කරපු අරගලයට ජීවය සපයපු චරිතයක්.

අපි හැමෝම එක කුලයක එකට වැඩ කරන්න බැරිවෙන්න ඇති. ආචාර්ය ප‍්‍රනාන්දු මැතිණිය, නිමල්කා මැතිණිය, මාධ්‍ය ව්‍යාපාර, අපි හැමෝම ප‍්‍රගීත් වෙනුවෙන් හඬ නගද්දි, අපි හැමෝම එකට වැඩ කෙරුවා. අපි ස්වල්ප දෙනෙක් වුවත් ඉතිහාසය විසින් අපි හැමොටම තැනක් නිශ්චය කරල තියෙනව. ප‍්‍රගීත් අතුරුදහන් කලේ කවුද කියල සාක්‍ෂි අවශ්‍ය නැහැ. ඒක තිරසාරව කළේ කවුද කියල අපි දන්නව. අද තියෙන පරීක්‍ෂණවල සාක්‍ෂි කොහොම හංගන්න ගියත් ඒක සම්පූර්ණයෙන්ම අපි දන්නවා. මේක රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ අනුදැනුමෙන්, ඔහුගේ සහෝදරයා අණ දුන් සිදුවීමක්.

( ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී වසර 6 ක් ගතවීම නිමිත්තෙන්
ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවති ස්මරණ වැඩසටහනේ දී
මාධ්‍යවේදී සුජිත් අක්කරවත්ත විසින් කරන ලද දේශනය ඇසුරිනි.)

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *