යෝසිත රාජපක්ෂගේ නාවික පුහුණුවට රජයේ වියදම කෝටි දෙකයි ලක්ෂ විස්සයි

හිටපු ජනාධිපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සුදුසුකම් නැතිව නාවික හමුදාවට  බදවාගෙන බ්‍රතාන්‍ය හා යුක්රේන් වල පුහුණුව ලබාදීමට මහජන මුදලින් රුපියල් කෝටි දෙකයි ලක්ෂ විස්සක් වියදම් කොට ඇති බව රජයේ මාධ්‍ය  ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය . මේ පිලිබදව පැවැත්වෙන නාවික හමුදා පරීක්ෂණයෙන් පසුව ඔහු පිලිබදව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවද කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය .ඒ මහතා මෙම කරුණු හෙළිකළේ ආරක්ෂක ඇමතිවරයාගෙන් අසා  තිබු ප්‍රශ්නයකට පිළිතුරු ඉදිරිපත් කරමිනි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *