අලුත් පක්ෂයේ ඝෝෂාව ලොකු ඩීල් එකකට දැයි සැකයක් – රැස්වීම් වලදී නායකයින්ට ප්‍රශ්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් හදන බවට ප්‍රචාරය උත්සන්න කරමින් රටපුරා  රැස්වීම් තබන්නේ ජනාධිපති බියපත් කොට ආණ්ඩුව සමග ලොකු ඩීල් එකකට පැමිණීමට දැයි එම කණ්ඩායමේ රැස්වීම්වලදී ප්‍රශ්න මතුවී ඇති බව වාර්තාවෙයි . මෙතෙක් පවතී සැම රැස්වීමකදීම මෙම ප්‍රශ්නය මතුවූ බවත් කළුතරදී එය බරපතල ලෙස සාකච්චාවට ලක් වූ බවත් අපගේ ආරංචි මාර්ග කියයි . මෙය බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුමක් බවට චෝදනා එල්ල වූ බවද කියති .

වෙනම පක්ෂය හදන කතා අතර රාජපක්ෂ පවුලේ නියෝජිතයින් ජනාධිපති හමුවීමත් , නාමල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිතුමා අතර හමුව හෙළිදරවු වීමත් නිසා මෙම සැකය වඩාත් තහවුරු වී ඇති බව කියති . තම පවුලේ සැම සාමාජිකයකුටම එරෙහිව කෙරෙන  බරපතල චෝදනා යටතේ පරීක්ෂණ හයකට වැඩි සංඛ්‍යාවකට මුහුණදීමට සිදුව ඇති බව නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති වරයාට පැවසු බවද වාර්තා වීය .

මේ අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුලේ දෙදෙනකුට එරෙහිව පරීක්ෂණ අවසන්ව ඇතත් ඔවුන් අත් අඩංගුවට ගැනීම ජනාධිපතිවරයා වළක්වමින් සිටින බවයි . එසේ වුවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබුණේ කොයි මොහොතක හෝ සිරගතවීමට තමන් සුදානමින් සිටින බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *