මත්පැන් අත්‍යවශ්‍ය භාණ්ඩයකි – ලසන්ත රුහුණගේ

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොවිඩ්-19 ආසාදනය වීමට හේතුව කොවිඩ් මර්දන මෙහෙයුම්වලදී ඔවුන්ට නිසි ආරක්ෂිත ඇඳුම් නොමැතිවීම බව මත දක්වන්නන් කියන්නට පටන්ගෙන ඇත. එහි ඇත්තක්ද තිබිය හැක. මේ සටහන ඊට අභියෝගයක් නොවේ.

වැලිසර නාවික හමුදා කඳවුර සිද්ධිය ආශ‍්‍රයෙන්ම වාර්තාවන තවත් කරුණක් වන්නේ ජාඇළ සුදුවැල්ල ප‍්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් සොයායෑමේ මෙහෙයුමේදී එකී කොවිඩ් ආසාදිත සැකකරුවන් සතුව තිබී සොයාගත් සිගරැුට් ඇතුළු වෙනත් දුම් පානයන් මේ නාවික සෙබළුන් පාවිච්චියට ගැනීම මේ ආකාරයේ ඛේදවාචකයකට හේතුවී ඇති බවයි.

වාර්තාවන එම කරුණ ඇත්තක් වුවද බොරුවක් වුවද ඒ මගින් අපට මේ කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ අවධානයට ගත යුතු වෙනත් කරුණක් පෙන්වාදී ඇත.

ඒ දුම්වැටි හා මත්පැන් ඒවා භාවිත කරන්නන්ගේ අත්‍යවශ්‍යතාවක් බවයි. මත්පැන්හල්ද වසා, දුම්වැටි ලබාගත හැකි වෙළඳසැල් හා ආපනශාලා වසා ඇති තත්වය තුළ ඒ සඳහා අධික ඉල්ලූමක් ඇතිවීමත්, සොයාගත නොහැකි මත්පැන් හා දුම්වැටි මොන ආකාරයකින් හෝ ලැබුණ විට කවුරුන් හෝ භාවිතයට ගැනීමත් පෙළඹීමත් අරුමයක් නොවේ.

රට පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එම ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවලදී ගනු ලැබූ එක් පියවරක් වූයේ මත්පැන් හල් වසා දැමීමය. එහි අනිවාර්ය ප‍්‍රතිඵලය වූයේ නීති විරෝධී මත්පැන් දෙසට සාමාන්‍ය ජනතාව යොමුවීමය.

සුරාබදු දෙපාර්තමේන්තුව මේ ඇඳිරි නීති සමය තුළ වැඩියෙන්ම කළේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන තැන් වැටලීමය. නීති විරෝධී මත්පැන්වලට ලැබුණ අධික ඉල්ලූම ඊට හේතු විය. මේ ආකාරයට මහා පරිමාණයෙන් නොවුණත් මේ මත්පැන් ඉඩෝරය තුළ නිවාස ඒකක තුළද සුළු පරිමාණයෙන් සිය අවශ්‍යතාවන් සඳහා මත්පැන් නිෂ්පාදනය කරගන්නා බව අප දන්නා කරුණය. මේ තත්වය මත පොලිසියටද කොවිඩ්-19 වසංගත රාජකාරිවලට අමතරව නීති විරෝධී මත්පැන් වැටලීමට සිදුවී ඇති බව ප‍්‍රවෘත්ති වාර්තාවලින් පෙනේ.

රට පුරා ඇඳිරි නීතිය ඇති අවස්ථාවේදී අනෙකුත් ආහාර ද්‍රව්‍ය විකිණීම සඳහා ලබාදී ඇති අවස්ථාව මත්පැන් විකිණීම සඳහාත් ලබාදිය යුතු යැයි අපි නොකියමු. එහෙත් ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවලදීවත් මත්පැන් හා දුම්වැටි අවශ්‍ය අයට ඒවා ලබාගැනීමේ පහසුකම් තිබිය යුතුය. එහෙත් ආණ්ඩුව කළේ ඒ සෑම අවස්ථාවකම මත්පැන් හල් වසා තැබීමය. ඇඳිරි නීතිය ඉවත්කළ දිස්ත‍්‍රික්කවල මත්පැන් හල් අපේ‍්‍රල් 20 දින සිට විවෘත කළ හැකි බව ආණ්ඩුව ප‍්‍රකාශ කළද එදිනම සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය නිවේදනයක් අනුව නැවත දැනුම් දෙනතුරු මත්පැන් හල් වසා තබන බවයි.

නීත්‍යනුකූල මත්පැන් හා දුම්වැටි යනු තහනම් දේවල් නොවේ. ඒ මගින් අතිවිශාල බදු ආදායමක් රජය අය කරගනු ලබයි. ලියුම්කරු මීට පෙර අවස්ථා ගණනාවකදීම පෙන්වාදී ඇති පරිදි රජයක් කළ යුත්තේ නීත්‍යනුකූල මත්පැන් සඳහා ඇති බදු ප‍්‍රතිශතය අඩු කර ප‍්‍රමිතියෙන් යුතු මත්පැන් අඩු ආදායම්ලාභියාට පවා පානය කළ හැකි ලෙස ඒවයේ මිල අඩු කිරීමය.

ඒ මගින් ඇතිවිය හැකි ප‍්‍රතිඵල කිහිපයක් තිබේ. එකක් නීති විරෝධී මත්පැන් බොන ජනයා ඉන් මුදාගත හැකි වීමය. ප‍්‍රමිතිගත මත්පැන් නිසා ඔවුන්ගේ සෞඛ්‍යයට වන හානිය අවම කරගත හැකිවීමය. එමෙන්ම ප‍්‍රමිතියෙන් තොර මත්පැන් භාවිතයෙන් රෝගාතුරව රජයේ සෞඛ්‍ය සේවාව සඳහා පැමිණෙන ජනයා අඩුකරගත හැකි වීමය. තවද රජයේ සෞඛ්‍ය වැයද ඒ මගින් අඩු කරගත හැකි වීමය. අනෙක් අතට දැනට ඉතා ඉහළ මිලකට ඇති වඩාත් ප‍්‍රමිතියෙන් යුත් මත්පැන් මිල අඩුවීම මගින් ජනතාව වැඩි වශයෙන් හොඳ මත්පැන් වෙත යොමුවීමය. අවසානයේ නීත්‍යනුකූල මත්පැන් රටේ සියලූම ජනයා භාවිත කිරීම මගින් රජයේ බදු ආදායම මීටත් වඩා වැඩිවීමට හේතුවීමය. මන්ද නීත්‍යනුකූල නොවන මත්පැන් මගින් රජයට බදු ආදායමක් නොලැබෙන බැවින්ය. රජයේ සෞඛ්‍ය වැය පමණක් ඉහළ යන නිසාය.

නමුදු මේ සඳහා බදු අඩු කිරීමට අමතරව රජය තවත් දෙයක්ද කළ යුතුය. ඒ සිල්ලරට මත්පැන් ලබා ගැනීමේ දැනට පවතින ‘වයින් ස්ටෝර්ස්’ ඒකාධිකාරය අහෝසි කර ඒවා ප‍්‍රමිතියෙන් යුත් වෙළඳසැල් දක්වාත් ව්‍යාප්ත කළ යුතුය.

නීතිවිරෝධී මත්පැන්වලට ඇති ඉල්ලූම නැති කළ හැක්කේ හෝ අවම කළ හැක්කේ ඒ මගින් පමණය.

මන්ද මත්පැන් හා දුම්වැටි යන්න මිනිස් ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන නිසාය. මත්පැන් නොබොන හා දුම්වැටි නොබොන අයට එය අත්‍යවශ්‍ය නොවුණාට ජනජීවිතයේ අත්‍යවශ්‍ය සංඝටක අතර එය පවතී.

ජීවන මිල ගණනය කරනු ලබන පාරිභෝගික මිල දර්ශකයේ ඇති සංඝටක 12 අතරින් මත්පැන් හා දුම්වැටි වියදම් සඳහා තීරුවක් වෙන්වී ඇත්තේ ඒ නිසාය. පවුල් ඒකකයක වියදම් අතරේ මත්පැන් හා සිගරට් වියදමත් තිබෙන බව එහි තේරුමයි.

කුටුම්බයක ජීවන වියදම් දර්ශකයේ වැඩිම ප‍්‍රතිශතය වෙන්වන්නේ ආහාර හා මත්පැන් නොවන පානයන් සඳහාය. එහි දෙවන ප‍්‍රතිශතය වෙන්වන්නේ හඳුනා නොගත් විවිධ භාණ්ඩ හා සේවා සඳහාය. මත්පැන් හා සිගරට් සඳහා වෙන්වී ඇත්තේ අටවැනි ස්ථානයේ ප‍්‍රතිශතයය. අධ්‍යාපනය, විනෝදාස්වාදය, සංස්කෘතික, ගෘහ නඩත්තුව හා සන්නිවේදන වියදම් පවතින්නේ18 මත්පැන් හා සිගරැුට් වියදම්වලට පහළිනි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ජීවන වියදම් දර්ශක සෑදීමේදී මත්පැන් හා දුම්වැටි වියදම් ගණනය කරන්නේ එය යථාර්ථයක් වන නිසාය. මිනිස් ජීවිතයේ අත්‍යවශ්‍ය කාරණයක් වන නිසාය.

අවශ්‍ය වන්නේ පාලකයන් එය තේරුම් ගෙන මත්පැන් සඳහා ඇති මේ අධි ඉල්ලූම අවසන් කිරීමය.

Author: ලසන්ත රුහුණගේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *