සමස්ථ ජනතාවම එක්කාසු කරන්න පුළුවන් ප‍්‍රජාතන්ත්‍රවාදයක අවශ්‍යතාවක් නොපෙනෙන පක්‍ෂයකට ලංකාවේ දීර්ඝ කාලීනව පාලන බලයක් හිමිකරගන්න බෑ – දයාපාල තිරාණගම

දින 100 ආණ්ඩුව ජනතාවට දැනෙන වැඩ කොටසක් කරල, මීට වඩා සහන දීල, කුස්සයෙ බර සැහැල්ලූ කෙරුව නම්, එක්සත් ජාතික පෙරමුණට තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න තිබුණ කියල ජනතාව අතර මතයක් තියෙනව.

ඔව්. එහෙම කෙරුව නම්, ආණ්ඩුවක් පවත්වාගෙන යාමට හැකි බහුතරයක් හදා ගන්න තිබුණ. එත් 2/3 ක බලයක් ලබාගැනීමේ හැකියාවක් ලැබෙන්නෙ නැහැ. දින 100 ටත් නොගිහින් අපිට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි කියල ජනාධිපතිවරණ ජයග‍්‍රහණයත් සමග ම මැතිවරණයකට ගියා නම් තත්ත්වය ඊටත් වඩා සාර්ථක වෙන්න තිබුණා.

සැලකියයුතු බහුතරයක් ඇතුව ජයග‍්‍රහණයක් නොලැබීම නිසා ආණ්ඩුව ජනාධිපතිට හා අගමැතිට සිද්ධ වුණා ශක්තිමත් කිරීමට විරුද්ධ පක්‍ෂයේ ¥ෂිතයන් යයි හංවඩු ගහපු අය, විවිධ චෝදනා තියෙන අය, පරාජය වුණු අය ඇතුළට ගන්න. විපක්‍ෂයෙ අයට ඇමති තනතුරු දෙන්නත්, අමාත්‍යවරුන් ගණන වැඩි කරන්නත්, ජාතික ලැයිස්තුව මතවාදී ආකාරයන් පුරවන්නත් සිද්ධ වුණා.

ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා ගත් ක‍්‍රියාමාර්ගය නිවැරදිද? මතවාද දෙකක් ඇති පක්‍ෂ දෙකක් නිසා ගැටළු ඇති වීමේ ප‍්‍රවනතාවයක් මතුවෙයි ද?

සමහර විට ආණ්ඩුව ඇතුළෙ යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වෙනස් කම් මේ දක්වා විසඳගෙන තියෙනව කියන එක තමයි අපිට පෙනෙන්න තියෙන්නෙ. ඒ වගේ ගැටුමක් එළියට ඇවිල්ල නෑ. පාර්ලිමේන්තු දේශපාලනයේ දී මේ වගේ ගැටුම් පවතින්න පුළුවන්. එකම පක්‍ෂයකින් සැදුම්ලත් ආණ්ඩුවක් තුළ පවා ගැටුම් ඇති වෙන්න පුළුවන්.  ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ සාධාරණයි. ඒක ප‍්‍රශ්නයක් වෙන්නේ ගැටුම් විසඳාගැනීම සඳහා සාකච්ඡුා නොවන මාර්ගයන් අනුමගමනය කළහොත් පමණයි. ගැටුම් කියන එක හොඳ දෙයක්. ගැටුම තමන් දුර්වල කර නොගන්නතාක් කල් ඒක වර්ධනයේ පියවරක් විදිහට තමයි දකින්නේ.

ජාතිවාදී බලවේග යළි ඔළුව ඉස්සීමේ ප‍්‍රවනතාවක් තියෙනව. නමින් ම ජාතිවාදය පිළිඹිබුවන පක්‍ෂයක් නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනව. ඔවුන් ජාතිවාදී, ආගම් වාදී බලවේග එක්කාසු කරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් රජය ජාතීන් අතර සමගිය ඇති කිරීමට උත්සාහ කරමින්, සෑම ජාතියකම අනන්‍යතාවය සුරකිමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමටත්. රට තුළ සහජීවනයක් ඇති කිරීමටත් උත්සුක වෙනව. දැන් මේ දෙගොල්ල පැහැදිලි කණ්ඩායම් දෙකක් බව පේනවා. මේ දෙකෙන් ජනතාව කුමන් පැත්ත පිළිගනීද?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායම් දෙකක් ඉන්න බව පැහැදිලියි. එක කොටසක් සිංහල බෞද්ධ ජාතිකවාදී ප‍්‍රවනතාවය නියෝජනය කරන අතර තවත් කොටසක් එහෙම නොමැති වුවත් වර්තමාන ආණ්ඩුවත් එක්ක ඉන්න බවක් පේනව. ඒ ගොල්ල තුළත් සිංහල ජාතිවාදය නැතැයි කියන්න බෑ. ඔවුන් ජාතිවාදීන් වුණත් නොයෙක් හේතු නිසා ආණ්ඩුවත් එක්ක ඉන්නව. ඒ ගොල්ල වුණත් සිංහල බෞද්ධ ජාතිවාදයට පක්‍ෂ අය වෙන්න පුළුවන්. එක පැත්තකින් ආණ්ඩුව ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ප‍්‍රදානය කිරීම සඳහා සූදානම් වන අවස්ථාවක, ලංකාවෙ දකුණෙන් සිංහල බෞද්ධ ජාතික වාදය පණ ගැන්වීම වැරදියි. නමුත් ඒ වැරැුද්ද එසේ තිබියදීත්, බලකාමය ඊට වඩා ප‍්‍රධාන දෙයක් විදිහට සලකනව. දේශපේ‍්‍රමය කියන වචනය ඉතාම පැටලිලි සහිත ලෙස පාවිච්චි කරල තමන්ගෙ ශක්තිය ගොඩනගා ගැනීමට උත්සාහ කරන බවක් පේනව. ‘සිංහ ලේ’ කියන්නෙත් ඒ වගේ එක්තරා ව්‍යාපාරයක්. ද්‍රවිඩ ජනතාවට අයිතිවාසිකම් දෙන විට දකුණේ එක්තරා රික්තයක් ඇති වෙනව. ඒ රික්තය තමයි මේ අලූත් පක්‍ෂයෙන් පුරවන්න සූදානම් වෙන්නෙ. ඒ රික්තය තමයි සිංහල බෞද්ධ ජාතිකවාදයට තියෙන ඉඩ. ඒ ඉඩ මොවුන්ට පුරවන්න පුළුවන්. ඒ මත ටික කාලයක් මතුවෙන්න පුළුවන්. නමුත් අවසාන විග‍්‍රහයෙදි ඒ කණ්ඩායම සිංහල බෞද්ධ බලවේගයක් විදිහට දේශාපාලන ප‍්‍රවාහය විසින් වෙනත් පැත්තකට විසි කරන්න පුළුවන්. ඔවුන් ජනතාව අතරින් ප‍්‍රතික්‍ෂේප වෙන්න පුලූවන්.

ජනවාරි 8 වෙනිදා වන විට මේ කණ්ඩායම හිතුවේ ඒ ගොල්ල ජයග‍්‍රහණ කරයි කියල. ලංකාවේ ජනතාව ඒ ගොල්ලන්ට ජයග‍්‍රහණය දුන්නෙ නෑ. ඒ විදිහෙ ඉරණමක්ම තමයි මේ පක්‍ෂයටත් කවදහරි අයත් වෙන්නෙ. මොකද ඒ අය ලංකාවේ ජනතාවට ඉදිරිපත් කරනනේ ප‍්‍රජතන්ත‍්‍රවාදය නෙමෙයි. ප‍්‍රාතන්ත‍්‍රවාදය නම් මුළු සමස්ථ ජනතාවම එක්කාසු කරන්න පුළුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් විය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු අනෙක් කොටස් එකතු කිරීමට හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තමයි අවශ්‍යය. එවැනි අවශ්‍යතාවක් නොපෙනෙන කිසිම පක්‍ෂයකට ලංකාවේ දීර්ඝ කාලීනව පාලන බලයක් හිමිකරගන්න අමාරුයි. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව මේක හොඳින් අවබෝධ කරගෙන තියෙනව. දේශපාලන විඤ්ඤානය උසස් මට්ටමකට ඇවිල්ල තියනව. ඒක ජාතිවාදි කණ්ඩායම්වල අවසාන ඉරණම තීරණය කරන්නක්. මෙතනින් එහාට එයාලට පැවැත්මක් නෑ. ඊට පස්සේ සීසීකඩ කෑලි කැඩිල යන්න පුළුවන්. විමල් වීරවංශල, මහින්ද රාජපක්‍ෂල, ගම්මන්පිලල, දිනේෂ්ල මේ ගොල්ල හතර පස් පොළකට කැඩිල යන්න හැකියාවක් මේ සංවිධානය වීම තුළ තියෙනව. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බලයක් තියෙන නිසා තමයි මෙහෙමවත් පවතින්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒ ගොල්ල එතනින් අයින් වුණ ගමන් කණ්ඩායම්වලට කැඞී යනව. සිංහල ජාතිවාදයේ ඉරණම තමයි ඒ.

තවමත් යුද්ධයෙන් මිය ගිය ද්‍රවිඩ තරුණයන් සමරන්න තහනම්. අපි ඔවුන්ව යම් කොටු කිරීමක, සීමා කිරීමක තියාගන්න උත්සහ කරනව කියලයි හිතෙන්නෙ. මේ පීඩනය තුළින් හා වෙනත් ඔවුගේ වරප‍්‍රසාද නොලැබීමෙන් උතුරෙන් යළි ජාතිවාදි අරගලයක් ඇති වෙන්න බැරිද?

උතුරේ නැගිටීම් හැමදාම ඇතිවෙලා තියෙන්නෙ දකුණෙ අපි දෙන සංඥාවන්ට ප‍්‍රතික‍්‍රියා දැක්වීමක්  හැටියට. මුලූ ඉතිහාසය පුරාම ක‍්‍රියාත්මක වෙලා තියෙන්නෙ එහෙමයි. නිදහස ලැබුණු දා ඉඳලම සිංහල මහ ජාතිය විසින් දුන්න සංඥාවට ප‍්‍රතික‍්‍රියාවක් විදිහට තමයි උතුර ක‍්‍රියාත්මත වෙලා තියෙන්නෙ. අද ද්‍රවිඩ ජනතාවගේ බහුතරයක් ඉන්නෙ  ටී.එන්.ඒ. එකත් එක්ක. අපි ඉදිරිපත් කරන්නා වූ විසඳුමක් ටී.එන්.ඒ. එක පිළිගන්නව නම්, ඒ විසඳුමත් එක්ක ද්‍රවිඩ ජනතාව ඉන්නව නම් ද්‍රවිඩ අන්තවාදයට තැනක් නැතිවෙනව. පහුගිය මැතිවරණයෙදී පවා අන්තවාදී ද්‍රවිඩ පක්‍ෂවලට හා කණ්ඩායම් වලට ජනතාව ප‍්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ඒක ඔවුන් ලබාගත් ඡුන්ද සංඛ්‍යාවෙන් ඔප්පු වෙනව. ටී.එන්.ඒ. එක වත්මන් ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩකරන බව දැනගෙනයි ජනතාව ඔහු එක්ක ඉන්නෙ.  ඕනෑම සමාජයක අන්තවාදී කොටස් ඉන්න පුළුවන්. දකුණෙත් ඉන්න පුළුවන් නමුත් ඔවුන් ඉදිරිපත් කරන මතවාදයේ ඒකාග‍්‍රතාවයක් නැහැ. ඔවුන් ඉදිරිපත් කරන්නේ මූලික අදහසක් විතරයි. මූලික අදහසක් තුළ බහුතර ජනතාවක් ඒකරාශිකර තබාගැනීමේ දේශපාලන හැකියාවක් නෑ. ඒක උතුරටත් දකුණටත් දෙකටම පොදුයි. වෙන රටකට සමාජයකට වුවත් එය පොදුයි. දකුණු අප‍්‍රිකාවේ නෙල්සන් මැන්ඩලා ජයග‍්‍රහණය කළත් අන්තවාදී කොටස් උත්සහ ගත්ත යම් ප‍්‍රදේශවල පාලන බලය හිමි කර ගන්න. ‘බොතරේසි’ කියන කළු නායකය හැදුවා වෙනම කොටසක් තියාගන්න. ඒත් අවසානයේ දී ඒවා පරාජය වුනා. ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය තුළ කටයුතු කරන්නේ කොහොමද කියන එකයි ජනතාව බලාපොරොත්තු වෙන්නෙ. ඒ නිසාම අන්තවාදි කොටස් පරාජයට පත් වෙනව.

යෝජිත ව්‍යවස්ථාව තුළින් දීර්ඝ කාලයක් පුරා පැවති ජාතීන් අතර ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීමට උත්සහ දරන බව පේනව. එය පාර්ලිමේතුවෙ 2/3 කින් සම්මත වෙයි ද? අධිකරණ තීන්දුවක් මගින් ජනමත විචාරණයකට යන්න වුවහොත් ජනතාව මොනවගේ ප‍්‍රතිචාරයක් දක්වයිද?

ජනවාරි 8 වෙනිදට කලින් ඔය ප‍්‍රශ්නය ම ඔබ මගෙන් ඇහුව නම් මම දෙන උත්තරය ඔබ නොපිළිගන්න පුළුවන්. මොකද, රාජපක්‍ෂට නතු වෙච්ච මතයක් තමයි රටේ තිබුණෙ. කවුරුවත් හිතුවෙ නෑ රාජපක්‍ෂ පරාදවෙයි කියල. ඔහුවත් හිතුවෙ නැහැ තමන්ට පරාජයක් අත්වෙයි කියල. ජනමත විචාරණයක් ගැනත් මට කියන්න තියෙන්නේ ඒ දෙයයි.  ජනමත විචාරණයකට යන්න වුවහොත් (ජාතික සමගිය යන ප‍්‍රශ්නයට විසඳුම් මත* එය පරාජයට පත් වෙන්නෙ නැහැ. වෙනත් අහිතකර දේවල් ඇමිණුවෙ නැත්නම් එය ජයග‍්‍රහණය කරනව. අවුරුදු 30 ක යුද්ධය අවසන් වුනා. දැන්වත් අපි ද්‍රවිඩ ජනතාවට විසඳුමක් දෙන්නෙ නැත්නම්, තවත් අවුරුදු ගාණකින් යළිත් යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුලූවන්. අපි කලින් සඳහන් කරපු අන්තවාදී ද්‍රවිඩ කණ්ඩායම් වල දේශපාලන හැකියාව තමයි එහෙම විසඳුමක් නොදීමෙන් ශක්තිමත් වෙන්නෙ. අපි තෝරගන්න  ඕනෑ යළිත් ඒ වගේ යුද්ධයකට මුහුණ දෙනවද, නැත්නම්, අනෙකුත් ජනතාවන්ගේ සාධාරණ අපේක්‍ෂාවන් ඉෂ්ට කරල, බේදීම නවත්ත ගන්නවද කියල.

ව්‍යවස්ථාව කඩිනමින් ගෙන ඒමේ දී ගැටළු පැන නැගීමට හැකි බව ඇතැම් අය කියනව. මාස තුනක පමණ කාලයක් ප‍්‍රමාණවත් ද නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට.

සමහර විට මාස තුනක් මදි වෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නෙ නෑ, ද්‍රවිඩ ජනතාවට දේශපාලන නිදහස දීම පමා කළ යුතුයි කියල. අපි දවදුරටත් මේ ප‍්‍රශ්නය දිග්ගැස්සුවොත්, එය ජාතිවාදයට දෙන රුකුලක් බවට පත් වෙනව. එය සිංහල ජාතිවාදීන්ට මෙන්ම ද්‍රවිඩ ජාතිවාදීන්ටද දෙන රුකුලක් වෙනව. මාස තුනක ප‍්‍රමාණයක් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ප‍්‍රමාණවත්. ජනාධිපතිවරයෙක් තෝර ගන්න ජනාධිපතිවරණයට මාසතුනක් ඇති නම්, ඇයි ව්‍යවස්ථා සම්පාදනයට මාස තුනක් මදි වෙන්නෙ. මෙතන තියෙන්නේ කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් නෙමෙයි. මේ කාලය තුළ ජනතාවට තීරණයක් ගන්න අපි ජනතාවට කියන්නෙ මොනවද කියන එකයි ප‍්‍රශ්නය. සිංහල ජාතීන් කියනවනම් ද්‍රවිඩ ජාතීන්ගෙ අයිතිවාසිකම් දෙන්න එපා කියල, සිංහල ජාතියට අනෙක් ජාතින් බලහත්කාරයෙන් පාළනය කරන්න වෙනව. ඒ වගේ තත්ත්වකට අපි ඉඩ තැබීම නරක දෙයක්. හැම අවස්ථාවකම අපේ රටේ මේ වගේ තීරණාත්මක ප‍්‍රශ්නයක් ඇති වුනාට පස්සෙ කල්දැමීම තුළ ජාතිවාදීන් වෙනත් ප‍්‍රශ්න ඇති කර රටේ ස්ථාවරත්වය නැති කර ගැනීමේ ප‍්‍රවනතාවක් තියෙනව. ඒ තත්ත්වය පරාජය කිරීමත් අවශ්‍යයි.

කොමිෂන් සභා පිහිටු වීමට පෙර එහි අවශ්‍යතාව ගැන නිතරම කතා කෙරුව. මේ වන විට ප‍්‍රධාන කොමිෂන් සභා කිහිපයක් පත්කරල තියෙනව. දැන් කියනව කොමිෂන් සභා සාර්ථක නැහැ. එය අසාර්ථකයි කියල. ඇඹිලිපිටියෙ තරුණයාගේ ඝාතනය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ප‍්‍රමාද වීම, මෙසේ හඬක් නගන්න හේතුවක්.

එක එක කොමිෂන් සභාවල ක‍්‍රියාපටිපාටිය වෙනස් වෙන්න පුළුවන්. සරසවි ශිෂ්‍යන්ගෙ පෙළපාලියට පහර දීම පිළිබඳ මානව හිමිකම් කොමිෂම පරීක්‍ෂණ කටයුතු කෙරුව. ඔවුන් අවශ්‍ය ක‍්‍රියාපටිපාටිය කඩිනමින් කරගෙන ගියා. ඇඹිලිපිටිය සිද්ධිය පිළිබඳ යම් හේතවක් නිසා ප‍්‍රමාද වූ බවක් පෙනුනා. ඒකට හේතුව පසු කාලයකදී දැනගන්න පුළුවන්. මේ කොමිෂන් සභා පත් නොකර තිබුණට වැඩිය පත් කර ප‍්‍රමාද වී හෝ යුක්තිය ඉෂ්ට කර ගැනීම වැදගත්. ප‍්‍රමාදය නිවැරැුදි තීන්දුවක් ගැනීම උදෙසා කරුණු සෙවීම වෙනුවෙන් වෙන්න පුළුවන්. අවශ්‍ය වන්නේ සත්‍ය දැනගැනීමයි. ඒවා ප‍්‍රතික්‍ෂේප කිරීමට වඩා සිදුවිය යුත්තේ ඒවායින් නිසි ක‍්‍රියාමාර්ග ඉටුකර ගැනීමට උනන්දුවීමයි.

සමහර දේශපාලන පක්‍ෂ ආරම්භ කිරීමේ අරමුණ ම යම් කිසි ජාතියක් හෝ ආගමක් පදනම් කරගෙන ගොඩනැගීමයි. රටේ ආර්ථික දේශපාලන දැක්මට වඩා ඔවුන් ඉස්මතු කරන්නේ ජාතිය ආගම පිළිබඳ කරුණුයි. සිංහලයේ මහා සම්මත භූමිපුත‍්‍ර පක්‍ෂය, සිංහ ලේ, බොදු බල සේනාව. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ඊලාම් විමුක්ති ව්‍යාපාරය. එසේ ජාතිය හෝ ආගම බිළිඹිබු වන ආකාරයෙන් නම් කරන ලද පක්‍ෂ හෝ සංවිධාන යි. මේ පක්‍ෂ වලින් පොදු ජන නියෝජනයක් නැති බව ඔහුන් පක්‍ෂයේ තේමාව අනුව පක්‍ෂයට යොදා ගන්නා නමින් ම පේනව නේද?
ජාතිය හෝ ආගමක් මුල් කරගෙන පක්‍ෂයක් පිහිටුවීම සාර්ථක දෙයක් නෙමේ. එහෙම දේශපාලන පක්‍ෂ බිහි කරනවා නම් කුමන කණ්ඩායමක් කෙරුවත් වැරදියි. ද්‍රවිඩ ජාතික සංවිධානය බිහි වුනේ ඔවුන් ද්‍රවිඩයන් වූ නිසාම තමන්ගේ අයිතිවාසිකම් නොලැබුණ නිසයි. ඔවුන්ගේ සුවිශේෂ වූ අයිතිවාසිකම් ඔවුන්ට ලැබුණෙ නෑ. මුස්ලිම් ජනතාවටත් අනන්‍යවූ දුෂ්කරතා තියනව. එවන් තත්ත්වයක් යටතේ ජාතියක් වශයෙන් ඔවුන් සංවිධානය වීම පුදුමයක් නෙමෙයි. ඒක වැලැක්වීමට නම් කළ යුත්තේ ජාතියක් වශයෙන් ඔවුන්ට ඇති කර තිබෙන දුෂ්කරතා ඉවත් කිරීමයි. එවිට පමණයි ඔවුන්ට එවන් සංවිධාන පිහිටුවීමේ අවශ්‍යතාවයක් ඇති නොවන්නෙ. නමුත් සිංහල බෞද්ධ ජනතාවට එහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. ඔවුන් එහෙම සංවිධානය වෙන්නේ ඔවුන්ගේ ගෝති‍්‍රක මානසිකත්වය නිසයි.

ජනාධිපතිතුමා මෑතකදි ප‍්‍රකාශ කර තිබුණා ෆෙඩරල් කිව්වම දකුණ බයවෙනව, එකීය කිව්වම උතුර බයවෙනව කියල. එහෙම නම් දෙපිරිසටම බයක් තැතැගැන්මක් නැතිව ඉන්න පුළුවන් තැන මොකක්ද?

ෆෙඩරල් කියන වචනය ලංකාවේ දේශලපාලනය තුළ ඉතාමත් බියකරු වචනයක් විදිහට ස්ථාපිත කරල තියෙන්නෙ. ෆෙඩරල් පක්‍ෂය කියල පක්‍ෂයක් තිබුණ. ඔවුන් ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ෆෙඩරල් විසඳුමක් බලාපොරොත්තු වුනා. ඒකට විරුද්ධව සැලකියයුතු සිංහල මතයක් ගොඩනැගිල තිබුණ. බණ්ඩානායක මහතා පවා කලින් ෆෙඩරල් විසඳුමක් ඉදිරිපත් කරල තිබුණ. ඒක ප‍්‍රතික්‍ෂේප කෙරුවෙත් ෆෙඩරල් පක්‍ෂයමයි. එකේ ස්වභාවය අනුව ඒ කණ්ඩායම වැඩි කැමැත්තක් දැක්වුවෙ නෑ. ඒකීය කියන වචනය තුළත් ද්‍රවිඩ ජනතාවට ගැටළු ඇති. මේ වචනවල නෙමෙහි ප‍්‍රශ්න තියෙන්නෙ. මේ චන අපි බදාගෙන හිටියොත් ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂාවන් ඉටු කිරීමේ හැකියාවක් නැති වෙනව.  මේ දෙකම අයින් කරල අපි හිතන්න  ඕනැ කොහොමද ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විමධ්‍යගත කරන්නෙ කියල. ඒ තුළින් ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවගේ අපේක්‍ෂාවන් ඉටු කරන්නෙ කොහොම ද කියල. අපි ඇත්තටම සාකච්ඡුා කළ යුතුයි. ජනාධිපතිතුමා කිව්ව කතාව ඇත්ත වෙන්න පුළුවන්. ඒකට බියජනක තත්ත්වයක් තියෙන නිසා ඒ විසඳුම දීම ප‍්‍රතික්‍ෂේප කළයුතු නැහැ.

ග‍්‍රන්ථ කතුවරියක හා යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරියක වූ ඔබේ බිරිඳ රාජිනී තිරණාගම යාපනයේ දී ඝාතනය වෙනව. එහි පසුබිම කුමක් ද? වත්මන් කියවන පරපුර එය නොදන්න සිද්ධියක් වෙන්න පුළුවන්.

\1989 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තමයි එයා නැතිවුනේ. රාජිනි මරා දමනු ලැබුවේ වෙන කිසිවෙක් නෙමෙයි එල්.ටී.ටී.ඊ. සංවිධානය. එල්.ටී.ටී.ඊ සංවිධානය රාජිනි මරා දමන්න හේතු දෙකක් තිබුණා. එකක් තමයි එයා සහ තව විශ්වවිiාලයේ හිටපු කථිකාචාර්යවරු තිදෙනෙක් පොතක් ලිව්වා. එකේ නම බිඳුණු තල් රුක  :ඊරදනැබ ඡු්කපහර්*. එක ලිවීමට දායක වීමේ කර්තව්‍යයක් ප‍්‍රාථමික හේතුව වෙන්න පුළුවන්. රාජිණී එල්.ටී.ටී.ඊ එක විසින් කරන ලද ප‍්‍රජාතන්ත‍්‍ර වාදය වෙනුවෙන් කරන ලද ක‍්‍රියාවන් විවේචනයට කල්කර තියෙනව. ඒක දෙවන හේතුව වෙන්න පුළුවන්. රාජිණි ඇතුළු විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය විසින් මානව හිමිකම් උදෙසා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්* කියලා සංවිධානයක් පිහිටුවාගෙන තිබුණා. රාජිනී එක්ක හිටපු තව පිරිසක් ඝාතනය කෙරුවා. ඒ ගොල්ලන්ගෙ නම් තාම එළියට ආවේ නෑ. ඒ ගොල්ල කඳවුරුවලදි මැරුවා.

ඝාතනය මටත්, මගෙ දරුවන්ටත් පෞද්ගලික වශයෙන් පාඩුවක් සිද්ධ වුණා. ඒ වගේම එම  සිද්ධීන් තුළින් ද්‍රවිඩ විමුක්ති ව්‍යාපාරය කියන එකේ තිබුණ මර්ධනකාරී ව්‍යාපාරය තේරෙන්න ගත්තා. ඒගොල්ලන්ට එක`ග නොවූ පිරිසව තමයි එයාලා මැරවේ. බොහෝවිට කොටි සංවිධානයට පක්‍ෂපාතී නොවූ අය ඒ ගොල්ල ඝාතනය කෙරුවා.
වර්තමාන පරම්පරාවේ ගොඩක් දෙනෙක් මෙය නොදන්නවා ඇති. පසුගිය 2015* සැප්තැම්බර් 21 වෙනිදා අපි එයාගේ 25 වන අණුස්මරණය පැවැතවුවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *