මැතිවරණයට හරියට දිනයක් නියම කරන තෙක් මනාප අංකත් නෑ !

මහ මැතිවරණය පැවත්වීමේ හැකියාව ඇති නිශ්චිත දිනයක් පක්ෂ නියෝජිතයන්ගේ ද එකගත්වයෙන් තීරණය කරන තෙක් අපේක්ෂකයන්ගේ මනාප අංක ද ලබා නොදෙනු ඇති බව මැතිවරණ කොමිසමේ අපේ ආරංචි මාර්ග කියයි.

කොරෝනා මර්දනයට  හානිකර ලෙස අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම වැලැක්වීම සඳහා මෙම පියවර ගන්නා  බව කියති .

සාමාන්‍ය සම්ප්‍රදාය නම් නාම යෝජනා භාරගෙන සති දෙකක් තුළ මනාප අංක ප්‍රකාශයට පත් කිරීමයි.

මැතිවරණය සම්බන්ධ ඉදිරි පියවර ගැන සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම ස පක්ෂ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ලබන මස 2 දා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *