මැතිවරණය තව කල්දාන්න එකඟයි ; අලුත් නාමයෝජනා බැහැ – ඩිලාන් පෙරේරා

ජුනි 20 දින මහ මැතිවරණය පැවැත්විය නොහැකි නම් එය තවත් කල් දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

ආණ්ඩුව මේ අවස්ථාවේ කටයුතු කරන්නේ කොරෝනා මර්දනය කිරීමට බවත් මැතිවරණය සඳහා හදිසියක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් කී ය.

කොළඹ දී මාධ්‍ය අමතා ප්‍රකාශයක් කරමින් ඒ මහතා කීවේ මහා මැතිවරණය තව දුරටත් කල් දැමීමට එකඟ වුව ද අලුතින් නාම යෝජනා කැඳවීමක් කිරීමට තම පක්ෂය එකඟ නොවන බව යි.

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවීමට අවශ්‍ය නොවන බවත් මුදල් ලබා ගැනීමට හා වියදම් කිරීමට ජනාධිපතිතුමාට බලය ඇති බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩි දුරටත් කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *