රෝගීන් වැඩි වුණත් කොරෝනා පාලනය ගිලිහී නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ

කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් පසුගිය දිනවල පෙන්නුම් කළ ද රෝගය සමාජයීය වශයෙන් පැතිරීමක් තවමත් සිදු වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි . ඒ මහතා පවසන්නේ තවමත් රෝගීන් පැමිනෙන්නේ හඳුනාගත් ජාල තුලින් බව යි. ඒ අනුව තවමත් රෝගයේ පාලනය ගිලිහී නැති බව අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් පවසයි.

සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට දිවයින පුරා තෝරාගත් රෝහල් වල පහසුකම් සලසා ඇතත් එම රෝහල්වලට පැමිණෙන ප්‍රමාණය ද විශාල ලෙස අඩු වී ඇති බව ජාසිංහ මහතා කියයි.

මේ වනවිට දිනපතා කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 1100 පමණ දක්වා වැඩි කොට ඇති බවත් එය තවත් වැඩි කිරීමට පෞද්ගලික රෝහල් සමග සාකච්ඡා අරඹා ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *