කළු සල්ලි කාරයකුගේ මුදලින් රුපියල රැුකගන්න හැදීම වැරදියි – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

w a wijewardanaනම හෙළි නොකරන බෙල්ජියම් ජාතික ආයෝජකයකුගේ ඩොලර් බිලියනයක තැන්පතුවක් ලබාගෙන රුපියලේ අගය රැුකගැනීමට රජය කටයුතු කිරීමට යෑම වැරදි බවත් එය මුදල් විශුද්ධිකරණයට දායක වූ බවට රජයට ජාත්‍යන්තරයෙන් දෝෂාරෝපන එල්ලවීමට හේතුවක් විය හැකි බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා ප‍්‍රකාශ කරයි. තමන් මහ බැංකුවේ සේවයේ යෙදී සිටියදී ද ඩොලර් බිලියන පහ සිට දහය දක්වා තැන්පතු රැුගෙන මෙබඳු කළු ස්ල්ලිකාරයන් මහ බැංකුව හමුවීමට පැමිණි බවත් පිළිගත් ක‍්‍රමවේද අනුගමනය කළ විට ඔවුන් ලිස්සා ගිය බවත් හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපතිවරයා කියයි.

නම හෙළි නොකරන ආයෝජකයකුගේ තැන්පතුවක් මගින් රුපියල රැුක ගැනීමට කටයුතු කරන බවට මුදල් ඇමති රවී කරුණානායක මහතා රොයිටර් පුවෘත්ති සේවයට කළ ප‍්‍රකාශයක් ගැන ඬේලි ඔෆ් ටී පුවත්පතට ලිපියක් සපයමින් ඒ මහතා මේ අදහස් ප‍්‍රකාශ කොට ඇත.

විජේවර්ධන මහතා කියන්නේ වත්මන් විනිමය අර්බූදය පසුගිය ආණ්ඩුවේ නිර්මාණයක් බවයි. රජයේ ම ආයතනයක් වන ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පවා 2012 සිට මෙම අර්බූදය ගැන අනතුරු අගවා ඇතත් එම රජය මුලින් එම අදහස් නොතකා හැරිය අතර පසුව ඒවාට දෝෂාරෝපණය කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අර්බුදය මේ වනවිට උග‍්‍ර වී ඇති බව විජේවර්ධන මහතා කියයි.

රජය මෙවැනි අර්බුදයකට මුහුණ දීමේදී ජාත්‍යන්තරය පිළිගත් නීති හා සම්ප‍්‍රදායක්ම ගරු කළ යුතු බවත් කළු සල්ලිකාරයන්ගේ මුදලින් රුපියල ගොඩ දැමීමට යාම නොකළ යුතු බවත් විජේවර්ධන මහතාගේ අදහසයි. ඔහු කියන්නේ මේ මෙහොතේ කළ යුතු වන්නේ ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයද කියා ඇති පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම බවයි. එසේ නැතිව කළු සල්ලිකාරයන් පසුපස යන්නේ නම් එය යහපාලනය වාරදි පාරක යාමකි.

තමන් මහ බැංකුවේ සිටි කාලයේ  පැමිණි මෙබඳු ව්‍යාපාරිකයන් දී තිබූ එතෙර ලිපිනයන් ගැන සොයා බැලීමේ දී හෙළි වූයේ ඒවා ව්‍යාජ ලිපින නොවේ නම් භාවිතයට නොගන්නා හෝ කඩා ඉවත් කිරීමට නියම කොට ඇති ගොඩනැගිලිවල බිම් මහලේ ලිපින බවයි. මසකට මෙබදු ආයෝජකයන් දෙතුන් දෙනෙකු එ කල ද මහ බැංකුව හමුවීමට පැමිණි බව ඔහු කියයි.
මෙබඳු ව්‍යාපාරිකයන් පැමිණෙන්නේ මුදල් අපහසුතාවයන්ට මුහුණ දී සිටින ආණ්ඩු වෙත බවත්, ඔවුන් ගෙන එන මුදල් ප‍්‍රමාණය දෙස බැලූ විට එයට පිටුපෑමට නොහැකි තරම් ආකර්ශනීය වන බවද මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා කියයි.

කෙසේ වෙතත් පාතල සාමාජිකයකු ලෙස කටයුතු කිරීම රජයකට කළ නොහැකි බවත් එබැවින් මෙබඳු යෝජනා ප‍්‍රතික්‍ෂේප කළ යුතු බවත් විජේවර්ධන මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *