මුරුසුවිල් ඝාතකයාට ජනාධිපති සමාව දුන්නාට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සම් තුනක්

යාපනය අර්ධද්වීපයේ මුරුසවිල් හි දී ළමයින් තිදෙනකු ඇතුළු සාමාන්‍ය වැසියන් අට දෙනකු මරා දැමු බවට චෝදනා ලබා අධිකරණයෙන් වැරදි කරු වී සිර ගතව සිටි හිටපු හමුදා නිලධාරියාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරනු ලැබ ඇත .

ඉන් එක් පෙත්සමක් ඝාතනයට ලක් වූ  පිරිසගේ පවුල් වෙනුවෙන් ඉදිරිපත්ව ඇති අතර තවත් පෙත්සමක් ඉදිරිපත් කොට ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ හිටපු සාමාජික අම්බිකා සත්කුරුනාදන් විසිනි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කොට ඇත.

මුරුසවිල් ඝාතන නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල වසර 12ක දිගු නඩු විභාගයකින් පසුව සාජන් සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම කළේ ය. එයට එරෙහි ඇපෑල විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය එම තීන්දුව තහවුරු කළේ ය.

කෙසේ වෙතත් මරණීය දණ්ඩනයට සියම වී සිටි මෙම ඝාතකයාට ජනාධිපති සමාව පිරිනැමීම පසුගිය දා හදිසියේම සිදුකරනු ලැබී ය. එහි දී නියමිත ක්‍රමවේද පිළිපැද නැති බවට චෝදනා එල්ල වී ඇති අතර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද විරෝධය පල කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *