මහ මැතිවරණය ජුනි 20 ත් නෑ!

මහ මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් ජුනි 20 දා දිනය නියම කොට ඇතත් එදිනට ද මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. එදිනට ද මැතිවරණය පැවැත්විය නොහැකි බවට දේශපාලන පක්ෂ අතර එකගත්වයක් පවතින බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි .

ඉකමනින් මැතිවරණය පැවත් වීමට ආණ්ඩුවට වුවමනා  වී තිබුණ ද ජනතා විරෝධය නිසා ආණ්ඩුවේ එම ස්ථාවරය වෙනස් වී ඇති බව ද කියති . රජයේ මාධ්‍ය ප්‍රකාශකයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා මහනුවර දී මාධ්‍ය අමතා ප්‍රකාශ කොට තිබුණේ ජුනි 20න් පසු තවත් වරක් මැතිවරණය  කල් දැමීමට මැතිවරණ කොමිසමට බලය ඇති බව යි. උදය ගම්මන්පිල මහතා ද කියා  තිබුණේ කොවිඩ් අස්සේ මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට වූවමනාවක් නැති බවයි.

විපක්ෂයේ සියලු පක්ෂ කියන්නේ මේ අවස්ථාවේ දී මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවයි. ජුනි 20 මැතිවරණය කල් දමන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මැතිවරණය යලිත් කල් දැමිය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අගහරුවාදා පැවති පක්ෂ නියෝජිත රැස්වීමේ දී ද ප්‍රකාශ කළේ ය. ඒ ගැන වැඩිදුර සාකච්චා කිරීම සඳහා මැතිවරණ කොමිසම හා පක්ෂ නියෝජිතයින් අතර සාකච්චාවක් ලබන සතියේ දී ද පැවැත්වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *